ඩෙංගු මර්දන දුම් ගහන කොට දොර ජනෙල් වහනව වෙනුවට ඇර තබන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

ඩෙංගු මර්දන දුම් ගහන කොට දොර ජනෙල් වහනව වෙනුවට ඇර තබන්න


ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කර ඇති ධූමායනයේදී වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ධූමායනය සිදුකරන අවස්ථාවන්හිදී තම නිවෙස්වල ‍ෙදාර ජනෙල් විවෘත කර එම ධූමයන් නිවෙසට ඇතුළුවීමට අවශ්‍ය පරිසරය සකසන ලෙස ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත පවසා සිටී.

මේ වන විට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය කරුණක් බවත් තම නිවෙස අවට ඩෙංගු ධූමායනය සිදුකරන අවස්ථාවලදී නොදැනුවත්කම හේතුවෙන් ඇතැම් නිවැසියන් කරන්නේ නිවෙස්වල ‍ෙදාර ජනෙල් වසා දැමීම බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයිද එම නිවේදනයේ සඳහන් වේ.

හර්ෂනී අර්සකුලරත්න

No comments:

Post a Comment

Post Bottom Ad