ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවත්, ශ්‍රී ලංගම සහ දුම්රිය සේවා පවත්වාගෙන යාම සදහා අද (26) දිනයට ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. එසේම ගුවන් යානා සදහා ද ප්‍රමාණවත් ඉන්ධන පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
මේ අතර, පෞද්ගලික බස් රථ සේවාවන් පවත්වාගෙන යාම සදහා අද දිනට ප්‍රමාණවත් පරිදි ඉන්ධන පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක් ලිඛිතව ලැබෙනතුරු වර්ජනය අත්නොහරින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි තදබදයක් ඇතිව තිබේ. මේ අතර ගුවන් යානා සඳහා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුද නවතා දමා ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව ඊයේ ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment