හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය

හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් හෝල්ඩින් සමාගම අතර අත්සන් තැබීමට නියමිත වරාය සහන ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කැබිනට් මණ්ඩලය මං ඉදිරිපත් කළ ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නා.අනුමැතිය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා.කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු,හිටපු ජනාධිපතිතුමා,අගමැතිතුමා,ඇමතිවරු තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. සාකච්ඡාව පැයක් කිට්ටු වෙන්නම ගියා.ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගිවිසුම පිළිබඳව ලබා දෙන්න එකඟතාවය ප්‍රකාශ කළා වගේම අතිගරු ජනාධිපතිතුමා යෝජනා කළා මේ ගිවිසුම හට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සිකුරාදා විවාදයක් ලබා දෙන්න රජය සූදානම් කියන එක ප්‍රකාශ කරන්න කියලා.

බලාපොරොත්තු වෙනවා මේ සතියේ අවසානයේ දී පාර්ලිමේන්තු විවාදයෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න.වරාය අධිකාරිය හම්බන්තොට වරාය වෙනුවෙන් තමන් උපයන අදායමෙන් රුපියල් බිලියන 9.1ක් වෙන් කරන්න ඕනේ.තමුන්නාන්සේලාට හිතන්න පුළුවන් මොන වගේ බරක්ද කියලා.ඩොලර් බිලියන 1.12 කෙලින්ම භාණ්ඩාගාරයට ගියාට පස්සේ ඒ ණය මින් ඉදිරියට ගෙවීමට සම්පුර්ණයෙන්ම භාණ්ඩාගාරය භාර ගන්න ඕනේ.”

“එදා තමුන්නාන්සේලා කතා කළේ අසූවයි විස්ස පදනම.මම  සාකච්ඡාව භාර ගත්තට පස්සේ සමත් වුණා ඒක 70යි 30 පදනමට ගන්න.එතකොට සියයට 70ක් ඒගොල්ලෝ ආයෝජනය කරනවා.සියයට තිහක කොටස් අපි සතුව තියෙනවා.කිසිසේත්ම මෙය විකිණීමක් නෙවෙයි.විකුණුවානම් මේ ස්වර්ණ භූමියේ කොටසක් වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කාලේ.මමත් එතන හිටියා.ලොකු සෙනගක් ගෙනත් ගෝල්ෆේස් එකේ තිබුණනේ මැයි දින රැළිය කෑ ගහලා කියනවා මේ රට විකුණන්නේ නැහැ.රට විදේශිකයන්ට දෙන්නේ නැහැ කියලා.වම් පැත්තේ මුහුද විකුණලා.

මේ විකුණලා තමයි කෑ ගහන්නේ අපි විකුණලා නැහැ කියලා.අවුරුදු 10ක් ඇතුළත අපිට පුළුවන් තව කොටස් සියයට 20ක් මිල දී ගන්න.අවුරුදු 70 වෙනකොට අපිට පුළුවන් කියලා ඒ සම්පුර්ණ කොටස් මිල දී ගන්න.සියයට සියයක් මිල දී ගන්න.අවුරුදු 80 වෙනකොට අපිට සියයට 60ක බහුතරය අපි අතට එනවා.අපේ බහුතර අයිතිය පාලනය යටතේ තමයි අපි ඉදිරියට යන්නේ.මේ කොම්පැනි දෙක ක්‍රියාත්මක වෙනකොට අපේ රටේ සියලුම නීති රීති වලට යටත්ව තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad