මොළය මිය ගිය අයකුගේ පාදයක් පයක් අහිමි අයකුට බද්ධ කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

මොළය මිය ගිය අයකුගේ පාදයක් පයක් අහිමි අයකුට බද්ධ කරලා

මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට ඉකුත් 24 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පාදයක් අහිමි පුද්ගලයකුට මොළය මිය ගිය පුද්ගලයකුගේ පාදයක් බද්ධ කිරීමේ විස්මිත සැත්කමක් සිදු කොට තිබේ. එම රෝහලේ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අර්ද්චෙල්වම් මහතා, අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ උනන්දුව මත මෙම විස්මිත සැත්කම සාර්ථකව සිදු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා පෙරේදා (26දා) සවස රෝහලේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

නිදන්ගත රෝගයක් හේතුවෙන් මොළයට සිදුව තිබූ රුධිර වහනයෙන් මොළය මිය ගොස් ඇති බවට තහවුරු වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ පනස් දෙහැවිරිදි ටී. කුමාරසිංහ නමැති අයකුගේ පාදයක් කපා ඉවත් කොට එම රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකයේ පාදයක් අහිමිව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින තිස් දෙහැවිරිදි පුද්ගලයකුට මෙලෙස පාදය බද්ධ කළ බව රෝහලේ අධ්‍යක්ෂවරයා පැවැසීය. සිය වම් පාදය බද්ධ කිරීමේ සැත්කමට ලක් කළ රෝගියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද හෙතෙම කීය.

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

 

No comments:

Post a Comment

Post Bottom Ad