වික්‍රමසිංහ මහත්තයලගෙ ගෙදර පැත්තෙ, සජිත් ප්‍රේමදාස මහත්තයලගෙ ගෙවල් පැත්තෙ, මංගල සමරවීරගෙ ගෙදර පැත්තෙන් සද්ද ඇහෙනවද..? ලක්ෂ්මන් විජේමාන්නලගෙ ගෙවල් පැත්තෙන් සද්ද ඇහෙනවද..? නැහැ. කිසි සද්දයක් නැහැ. නමුත් වෙල්ගම මහත්තයලගෙ ගෙවල් පැත්තෙ, අපේ ගෙවල්වල ගිහිල්ල බලන්න. අපේ අල්ලපු ගෙවල්වලත් සද්ද ඇහෙනවා. ඒ ගොල්ලන්ට ළමයි නැතිවුණාට අපි අනාගතය ගැන හිතල වැඩකරන මිනිස්සු. අපිට රටක් ඕන ඒ නිසයි.
පන්සිල් ගත්තත් බොහෝ තැන්වල ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි අතර ගේම් තියෙනවා. මම මොනදේ කළත් නායකයාගෙන් අහනවා. කුමාර වෙල්ගම මොනදේ කළත් මටත් කියනවා. අද අපිට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙ කොන්ද කෙළින් තියාගෙන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කතා කරන්නෙ කුමාර වෙල්ගම විතරයි. එතුමා සමඟ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රිවරු පස් දෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ඉන්නවා.
ඉස්සර ශ්‍රී ලංකාකාරයො කිව්වේ අත කැපුවත් අත කියලයි. ලේවල පාට නිල්පාට කියලා කිව්වා. යූ.එන්.පී. කාරයො කිව්වෙ කැපුවත් කොළ පාටයි කියලයි. නමුත් එදා පක්ෂය පුද්ගලයා බැබළුවා. දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා ගිහිල්ලා. දැන් කියන්නෙ මහින්ද මහත්තය එන්නෙ කොස් කොළෙන්ද එතැන ඉන්නව කියලා මිනිස්සු කියනවා. ඊළඟට එන ඕනෑම මැතිවරණයකින් කළුතර දිස්ත්‍රික්කය කුමාර වෙල්ගමගේ නායකත්වය යටතේ ජය ගන්නවා. ඒක නතර කරන්න කාටවත් බැහැ. මේ අවුරුද්ද ඓතිහාසිකයි. මේ වසර අවසන් වනවිට නියත වශයෙන්ම නැවත මහින්ද රාජපක්ෂ මේ රටේ නායකයා බවට පත්වෙනවා.
මතුගම - වසන්ත කුමාර
No comments:
Post a Comment