විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවී ඇති බරපතළ කරුණු අවධානයට ගෙන තීන්දුවක් ගතයුතු බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම මන්ත්‍රිවරු ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී ඉල්ලීමක් කොට ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් පිරිසක් පසුගිය 27 වැනිදා ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම කළ බව වාර්තා වෙයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ඒකාබද්ධ විපක්ෂයේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු එදින ජනාධිපතිවරයා හමුවේ ආණ්ඩුවේ වර්තමාන තත්ත්වය, ජනතාව ආණ්ඩුවට කරන විවේචන හා රටේ ආර්ථිකය ගැනත් කරුණු දක්වද්දී, එජාපයේ ඇමැතිවරුන් පිරිසක් තමා හමුවී රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කළ බව ප්‍රකාශ කොට තිබෙන බවද දැනගන්නට ඇත.
Saturday, July 29, 2017
එජාපයේ ප‍්‍රබල ඇමතිවරු රවීට එරෙහි වෙති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment