ඇමති රවී බැදුම්කර වංචාවේ සියල්ල හෙළිකර අගමැති රනිල් පාවා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

ඇමති රවී බැදුම්කර වංචාවේ සියල්ල හෙළිකර අගමැති රනිල් පාවා දෙයි

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් විදේශ ඇමැති රවී කරුණානායක තම නීතිඥයන් මාර්ගයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට සූදානම් වේ.

ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග අනාවරණය කරන්නේ ලබන අගෝස්තු 02 දා ඇමැතිවරයා කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති බවයි. බැඳුම්කර ගනුදෙනු සිදු වන්නේ මහ බැංකුව හරහා බවත්, තමන් මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන විට මහ බැංකුව තමන් සතුව නොතිබුණු බවත් නීතිඥවරුන් මඟින් කොමිසමට දැනුම්දීමට ඇමැතිවරයා සැලසුම් කර ඇත. 


ඒ කාලයේ දී මහ බැංකුව පැවතියේ අගමැතිවරයා යටතේ බවත්, ඒ නිසා තමන්ට බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බවත් අදාළ කොමිසම ඉදිරියේ පැවසීමට සැලසුම් කර ඇතැයි ද අනාවරණය වේ. එසේම අර්ජුන් ඇලෝෂියස් යනු තමන්ගේ මිතුරකු බවත්, ඔහු සහ තමන් අතර සිදු වූ ණය ගනුදෙනුවකට ඇලෝෂියස් තමන්ට ලබා දුන් නිවස සම්බන්ධ බවත් පැවසීමට ද ඇමැතිවරයා සලසුම් කර තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමැතිවරයා බැඳුම්කර කොමිසමට යාමට පෙර අගමැතිවරයා මුණ ගැසෙනු ඇති බවයි

පරාක්‍රම දිසානායක
– sathhanda

No comments:

Post a Comment

Post Bottom Ad