බිලියනයක වන්දි ඉල්ලා අැමති අර්ජුණ නඩු මගට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

බිලියනයක වන්දි ඉල්ලා අැමති අර්ජුණ නඩු මගට

සිය කීර්ති නාමයට හානි පැමිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සිය බැගින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් දෙදෙනකුට එරෙහිව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නඩු පවරා තිබෙනවා.

ඒ කොළඹ දිසා අධිකරණයේදී, අමාත්‍යවරයා මෙසේ නඩු පවරා අත්තේ ප්‍රසන්න කළුතරගේ සහ ලාල් බංගමුව යන පුද්ගලයින්ට එරෙහිවයි. මහජනතාව නොමඟ යන අයුරින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට හානි කර ඇති බවත් ඊට වන්දි ලෙස තනි තනිවම රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවිය යුතු බවද මෙම නඩුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad