යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) දිනයේදී උතුරු පලාතේ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියා සිටියේය.
මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීම හෙලා දකිමින් අදාල වරදකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දිනයේදී උතුරු පලාතේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වන බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් වැඩිදුරටත් කියා සිටියේය. මෙසේ පෞද්ගලික බස් ධාවන කටයුතුවලින් ඉවත් වීම නිසා මගී ජනතාව අපහසුතාවයට පත් වූ බවද දක්නට ලැබුනු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වුවද ලංගම බස් රථ ධාවන කටයුතුවල නිරත වූ අතර ලංගම බස් රථ මගීන්ගෙන් පිරීපවතිනු දැක ගත හැකි වූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයින්ට වෙඩි තබා පොලිස් සැරයන් වරයෙකු මිය යාමත් තවත් කොස්තාපල්වරයෙකු තුවාල ලැබීමටත් අදාල වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා මේ වන තුරු අත්අඩගුවට ගෙන නොමැති අතර අදාල සැකකරු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙසට පෞද්ගලික බස් හිමියන් මෙන්ම උතුරේ ජනතාවද ඉල්ලා සිටිති.
(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:
Post a Comment