මගේ ගාව මැරයොත් නෑ, හොරුත් නෑ, කුඩ්ඩොත් නෑ.. මගේ දෑත් පිරිසිදුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

මගේ ගාව මැරයොත් නෑ, හොරුත් නෑ, කුඩ්ඩොත් නෑ.. මගේ දෑත් පිරිසිදුයි..

කොළොන්නාවේ සංවර්ධනය බලා ගන්න බැරි නිසයි මට මේ කාඩ් ගහන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාවේ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනය කරන ලද සේවක පිරිසකට තමන්ගේ මැරයන් පහරදුන් බවට නගන චෝදනා වලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්ය.

‘ගංවතුර ගැලුවත්,කුණු කන්ද නාය ගියත්, තෙල් සංස්ථාව වර්ජනය කළත් මරික්කාර් ගැන කියනවා. හැබැයි ගංවතුරට යටවුනු පවුල් 27000 කට ආධාර අරන් දුන්නාම ඒ ගැන කතා කරන්න නෑ කවුරුවත්. කුණු කන්දේ සිදුවීමේදී වුනත් ඒ වේලාවේ කදුලු සලන්න බොහෝ පිරිස් හිටියා ඒ අය පසුව යන්න ගියා අන්තිමට ඒ මිනිස්සු වෙනුවෙන් වන්දි සහ ආධාර අරන් දෙන්න ඉතුරු වුනේ මං විතරයි.

අපේ රජය ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කරලා යහපාලනය ගෙනයනකොට එදා මැරකම් කරපු අය අද කිඹුල් කදුලු හෙලනවා. ඒ කදුළු ගැන අපට හිනාම තියෙන්නේ ඉස්සරහ පැත්තේ නෙවේ. මේ ආණ්ඩුව ආවට පස්සේ උද්ඝෝෂණ වැඩ වර්ජන කරමින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ දේශපාලන වැඩපිළීවෙලක් තියෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ උද්ඝෝෂණය හා වැඩ වර්ජනය 1100 කට වඩා සිදුවෙලා තියෙනවා. ඒවායින් රටේ සංවර්ධනයට බාධා වුනා.

කොළොන්නාවේ සංවර්ධනය බලා ගන්න බැරි නිසයි මට මේ කාඩ් ගහන්නේ. මරික්කාර් මොනවාද කරන්නේ කියලා කොළොන්නාවේ මිනිස්සු හොදට දන්නවා. මගේ අත්දෙකම පිරිසිදුයි, මගේ ගාව මැරයොත් නෑ, හොරුත් නෑ , කුඩ්ඩොත් නෑ ප්‍රජාත්‍රන්ත්‍රවාදය තුළ තමයි අපේ දේශපාලන ගමන හැමදාම තියෙන්නේ’ යැයි පැවසීය‍

– මිනුර රෂාන්ත


 

No comments:

Post a Comment

Post Bottom Ad