නල්ලූර් බේබදු වෙඩික්කරු පොලිසියට භාරවෙයි - මියගිය සැරයන් එස්අයි තනතුරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

නල්ලූර් බේබදු වෙඩික්කරු පොලිසියට භාරවෙයි - මියගිය සැරයන් එස්අයි තනතුරට


පසුගියදා මහාධිකරණ විනිසුරුට ආරක්සාව සපයමින් සිටි පොලිස් නිලධාරියෙකු මරා දමමින් තවත් නිලධාරියෙකුට තුවාල කරමින් වෙඩි තැබීම් සිදු කර පළාගිය පොලිසිය මගින් ‘බේබද්දෙකු‘ යයි නම් කළ පුද්ගලයා අද උදෑසන යාපනය පොලීසියට බාරවී තිබේ.වයස අවුරුදු 39 ක් වු සෙල්වරාසා ජයන්තන් නැමති ඔහු පොලිස් අත්අඩංගුවට ගත් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට ඔහු සමග සිටි අනෙක පුද්ගලයින් දෙදෙනා මින් ඉහත අත්අඩංගුවට පත් විය. මේ අතර යාපනය නල්ලූර්හිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සාජන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට පත්කරන ලද බව පොලිස්පතිවරයා නිවේදනයට කර තිබේ. සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ඔහු බුහුමනට ලක්කිරීමට එසේ සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad