ඔබව පුදුමයට පත් කරවන ඔබේ සිහිනයන්ගෙන් කියවෙන අනාවැකි 7ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

ඔබව පුදුමයට පත් කරවන ඔබේ සිහිනයන්ගෙන් කියවෙන අනාවැකි 7ක්

සිහින විශ්ලේෂණය කියන්නේ අද ඊයේ පටන්ගත්තු දෙයක් නෙවෙයිනේ. දැන් ඔය ඉස්සර අපේ ආච්චිලා එහෙම කියන්නේ “උඩු ඇන්දේ දතක් වැටෙනවා දැක්කා, කාගේ මරණයක් අහන්නද දන්නෙ නෑ” වගේ කතා. හැබැයි අද වෙනකොට සිහින විශ්ලේෂණය කියන එක මනෝ විද්‍යාත්මක කරුණු කාරණා එක්ක සම්බන්ධ වෙලා තමයි එන්නේ.ඒ කියන්නේ ඉස්සර වගේ අර අද්භූත දේවල්ම නෙවෙයි, ඊට වඩා සිහින විශ්ලේෂණයට විද්‍යාත්මක පදනමක් තියෙනවා. 

ඕක ගැන තව පැහැදිලි කරන්න පුලුවන් මෙහෙම. දැන් ඔය අපේ යටිහිත තියෙනවනේ. ඕකේ සිද්ධ වෙන දේවල් ඇත්තටම අපිවත් දන්නෙ නෑ කිව්වොත් ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මෙහෙමයි. යටිහිත හැම මොහොතකම අපි ලබාගන්නා අත්දැකීම් විශ්ලේෂණය කරනවා, ඒ විශ්ලේෂණයන්ගෙන් තාර්කික නිගමන වලට එනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට උඩු හිත දන්නෙ නෑ. ආන්න එතකොට යටිහිතෙන් උඩු හිතට මේ පණිවිඩ එවන එක ක්‍රමයක් තමයි හීන කියන්නේ. මීට කලිනුත් අපි සුබ අසුබ සිහින ගැන, සිහින විශ්ලේෂණය ගැන කතා කරලා තියෙනවනේ. අද බලමු අපි දකින එක එක විදියේ හොඳ සහ නරක හීන වල ඇත්තටම හැංගිලා තියෙන තවත් තේරුම් ටිකක් ගැන.


1. හීනෙන් දකින යතුරු

More Dream Interpretations
Source – woowals.com
සිහිනයෙන් යතුරු දැකීමේ පොදු අර්ථය වෙන්නේ ඔබේ නව අවස්ථාවන්, අලුත් දෙයකට ප්‍රවේශයක් ලැබීම, ඔබට බලය ලැබීම, සැඟවුණු රහස්, නිදහස, වගකීම් නැතිනම් දැනුම වගේ අදහසක් වෙන්න පුලුවන්. එතකොට අර පරණ තාලේ යතුරක් දකිනවා නං ඒකෙන් කියවෙන්නේ අපි හිත ඇතුළේ හංගගෙන ඉන්න, සමහර වෙලාවට බලෙන් යටපත් කරගෙන ඉන්න පරණ මතකයන් වෙන්න පුලුවන්.අපි යතුරක් හරි යතුරු කැ‍රැල්ලක් හරි නැතිකරගන්නවා හීනෙන් දැක්කොත් ඒකේ තේරුම වෙන්නේ අපිට අපි සම්බන්ධයෙන් පාලනය නැතිවෙයි කියන බය හරි, ජීවිතේ අපි ලඟා කරගෙන තියෙන තත්ත්වය, තැන නැතිවෙයි කියන බය හරි වෙන්න පුලුවන්.



2. අපේ පස්සෙන් එළවගෙන එනවා දකින හීන

More Dream Interpretations
Source – runners.es
මේක බොහොම සුලභ හීන වර්ගයක් කියන එක වැරදි නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ හීනෙකින් කියවෙන්නේ ඇත්ත ජීවිතේ අපේ හිතේ තියන කසිලි බිසිලි බව තමයි. ඇත්තටම අපේ පස්සෙන් කවුරුහරි කෙනෙක්, සතෙක් එළවගෙන එනවා දකින එකෙන් කියන්නේ අපි එක්කෝ නුදුරු අනාගතයේදී ඇතිවෙන්න පුලුවන් ගැටළුවකට බයෙන් ඉන්නවා කියන එක. එහෙමත් නැතිනම් ඒ වගේ ගැටළුවකට මුහුණ නොදී මග අරිමින් ඉන්නවා කියන එක වෙන්න පුලුවන්. කොහොමත් අනතුරකදී සටන් කිරීම හෝ පැන දිවීම කියන්නේ සත්තුන්ගේ සහජ ඉවට අනුව සිද්ධ වෙන දෙයක්නේ. හැබැයි මෙතනදී කියවෙන්නේ අපි අපේ ජීවිතයෙන්ම පළා යනවා කියන එකත් වෙන්න පුලුවන්. මේ වගේ හීනයක් අර්ථ දක්වා ගන්න නම් මුලින්ම හිතලා බලන්න ඕන සිහිනයෙන් අපිව පන්නගෙන එන්නේ කවුද කියන එක. දැන් ඇත්ත ජීවිතේට ඇවිත් බලන්න අපි පැනලා යන ප්‍රශ්නයක් තියෙනවද, ඒක මොකක්ද කියන එක ගැන.

3. ගින්නක්!

More Dream Interpretations
Source – thesims.com
ගින්න කියන්නේ කැලෑ සත්තු විතරක් නෙවෙයි, මිනිස් සතා වුනත් බය වෙන එක දෙයක්නේ. හැබැයි ගින්න කියන්නේ මිනිස් සතාගේ පරිණාමයට අත්‍යාවශ්‍ය වුණු සාධකයක් කියන එකත් අමතක කරන්න බෑ. කොහොම වුනත් හීනෙන් ගිනි දකින එක පොදුවේ සංකේතවත් කරන්න පුලුවන් විනාශය, ආශාව, ලාලසාව, පවිත්‍රීකරණය, රූපාන්තරණය, අවබෝධයට පත්වීම වගේ සෑහෙන්න කාරණා. ඒත් මේ කාරණා ඇත්ත ජීවිතෙත් එක්ක ගැලපෙන්නේ අපි දකින සමස්ත හීනයේ විදියත් එක්ක තමයි. උදාහරණයක් විදියට ගින්නට විශේෂයෙන් බයක් නැති මනුස්සයෙක් සාමාන්‍ය ගින්නක්, ඒ කියන්නේ කරදරයක්, විනාශයක් නොවෙන විදියට පාලනය වුණු ගින්නක් හීනෙන් දකිනවා නම් ඒකෙන් කියවෙන්නේ තමන්ගේ අභ්‍යන්තර ගින්න වගේම තමන්ගේ ජීවිතයේ හරි චරිතයේ හරි සිදුවෙන රූපාන්තරණයක්. වෙන විදියකට කිව්වොත් පොදුවේ ජීවිතේ ගැන ඔබේ අදහස්, දෘෂ්ටි කෝණයන් වෙනස් වෙනවා කියන එක. ඒ වගේම ගින්නට බය කෙනෙක් තමන්ට හානියක් වෙන්න පුලුවන් විදියේ ගින්නක් හීනෙන් දකිනවානම් ඒකෙන් ඇඟවෙන්නේ අන්තරායකින් පරිස්සම් වෙන්න කියන එක වෙන්න පුලුවන්!



4. මම නිරුවතින්!

More Dream Interpretations
Source – radar2.net
ඔන හිතන්න අපි හීනෙන් එක්කෝ වැඩට යනවා. එහෙමත් නැතිනම් බඩු ගන්න සුපර් මාකට් එකට යනවා. එක්කෝ බස් එක එනකල් ඉන්නවා. ඔන්න එකපාරටම අපිට තේරෙනවා අපි ඉන්නේ ඇඳුම් නැතුව කියලා. ඒ කියන්නේ උඩ ඇඳුම හරි නැත්නම් කිසිම ඇඳුමක් හරි ඇ‍ඟේ නැතුව ඉන්නේ කියලා. මේ වගේ හීනයක් ටිකක් බය හිතෙනවා වුනත් මේකත් බොහොම දෙනෙක් දකින හීනයක්. ගොඩක් වෙලාවට මෙහෙම හීනෙකින් කියන්නේ අපේ ඇත්ත ජීවිතේ අපි මුහුණ දීලා ඉන්න අසරණ අවස්ථාවක් ගැන වෙන්න පුලුවන්. අපිට කිසිම උදවුවක් නැති අවස්ථාවක්. එහෙම නැතිනම් හිතන්න මෙහෙම දෙයක්. අපි සම්බන්ධතාවයකට ගිහින්, අපේ ජීවිතේ හැමදෙයක්ම, අතීතය ගැන හැමදෙයක්ම කිව්වට පස්සෙත් අපිව ප්‍රතික්ෂේප වෙනවා. දැන් අර කියපු දේවල් එතනින් එළියට යයිද නැද්ද කියන්නත් බෑ. මෙන්න මේ වගේ අවස්ථාවකදීත් මෙහෙම නිරුවතින් ඉන්න හීනයක් දකින එක වෙන්න පුලුවන්.



5. කෑමක්!

More Dream Interpretations
Source – mangiacomeparli.net
සමහර වෙලාවට බඩ පිරෙන්න කාලා නිදාගත්තත් රෑට හීනෙන් කෑම පේනවා. හීනේ මතක තිබ්බොත් උදේට සතුටින් නැගිටිනවා අද දවසේ කෑම හොඳයි කියලා හිතාගෙන. හැබැයි ඇත්තටම මේ වගේ හීනෙක තේරුම මොකක්ද? සාමාන්‍යයෙන් පොදුවේ කෑම කියන එකෙන් අදහස් වෙන්නේ පෝෂණය සහ ශක්තිය කියන එක අමුතුවෙන් කියන ඕන නැහැනේ. හැබැයි හීනෙන් දකින වෙනස් වෙනස් කෑම ජාති වලින් එක එක විදියේ දේවල් අර්ථකතනය වෙනවා කියලා තමයි කියවෙන්නේ. උදාහරණ විදියට කිව්වොත් පළතුරු වලින් කාමාශක්ත බව. එතකොට මස් වලින් අපේ ඇතුළේ ඉන්න සත්වයාගේ ආසාවන්. එළවලු වලින් සෞඛ්‍ය සම්පන්න බව සොයා යෑම. හැබැයි එතනින් එහාට හීනෙන් දකින කෑම ජාති සෑහෙන්න පුද්ගලානුබද්ධයි. ඒ කියන්නේ අපි හිතමු අපි සතු‍ටු වෙන්නේ චයිනීස් කෑම කාලා කියලා. එතකොට හීනෙන් එහෙම එකක් දකිනවා නම් ඒකෙන් කියවෙන්නේ අපි සතුට, සුවපහසුව හොයන්නේ වැරදි තැනක කියන එක!



6. විබාගේ තමයි අපේ අබාගේ!

More Dream Interpretations
Source – sekharsunny.wordpress.com
ගොඩක් දෙනෙක් දකින හීනයක් තමයි මේක. ඔන්න අපි ඒ ලෙවල් ලියන්න ඉන්නවා. පොතක් අතකින් අල්ලලාවත් නෑ. හැබැයි හදිසියේම ඔන්න හෙට ඒ ලෙවල් පටන් ගන්නවා. අපි සිලබස් එක කළුද සුදුද කියලවත් දන්නෙ නෑ. ආන්න ඒකෙන් කියන්නේ අපේ ඇත්ත ජීවිතේ අපි මුහුණ දෙන්න නියමිතව තියෙන අභියෝගයකට අපි කිසිසේත්ම සූදානම් වෙලා නැහැයි කියන එක. සමහර වෙලාවට මේක ඇත්තටම විභාගයක්, බිස්නස් මීටින් එකක්, ප්‍රොජෙක්ට් එකක් වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්. අපි වැඩ කල්දදා අන්තිම මොහොතේ කරන්න ඉන්නවා කියන එක තමයි මේකෙන් කියන්නේ. සමහර වෙලාවට අපි හීනෙන් විභාගයකට මුහුණ දෙනවා දකින එකෙන් කියන්නේම අපේ හිතේ ඇත්ත ජීවිතේ යම් දෙයක් අසාර්ථක වෙයි කියන එක ගැන තියන බය. ඒක සාර්ථක කරගන්න අපේ හිතේ ආත්ම විශ්වාසයක් නැතිකම. හැබැයි හොඳ දේ තමයි මෙහෙම හීනයකින් අපේ යටිහිත අපිට කියන්නේ සූදානම් වෙයන් කියලා. ඉතින් තාමත් චැලේන්ජ් එකට හරියට මුහුණ දෙන්න පරක්කු නෑ.

Aniwa.lk

No comments:

Post a Comment

Post Bottom Ad