භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය මාස 03කින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මේ අනුව මෙම කොමිසමේ වාර්තාව භාර දිය යුතු දිනය මේ වසරේ ජූලි 27 දින සිට ඔක්තෝම්බර් 27 දින දක්වා දීරඝ කර ඇති අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද (25) නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේය. ඒ අනුව මේ මස 27 වන දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කර තිබේ.
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිලිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා පත් කරනු ලැබීය. මාස තුනක් ඇතුලත විමර්ශන සිදු කර වාර්තාවක් ලබා දීමට අදාල කොමිසම වෙත දැනුම් දී තිබූ අතර කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මාසයේ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට ද පියවර ගනු ලැබීය.

No comments:
Post a Comment