යාපනය වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු භාර වෙයි - මියගිය පොලිස් නිලධාරීයාට උසස්වීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

යාපනය වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු භාර වෙයි - මියගිය පොලිස් නිලධාරීයාට උසස්වීමක්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු අද (25) උදෑසන 7ට පමණ යාපනය පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇතැයි බව වාර්තා වේ. මෙලෙස බාර වී ඇති ප්‍රධාන සැකකරු වයස අවුරුදු  39 ක් වු සෙල්වරාසා ජයන්තන් නැමති අයෙක් බව අනාවරණය වී තිබේ.

පසුගිය 22 දා යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු වූ අතර එයින් මහාධිකරණ විනිසුරුවරයා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීම සිදුව ඇති බව අනාවරණය විය. කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 23 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගැණිනි.

මේ අතර යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කර තිබේ. පොලිස්පතිවරයා විසින් ඔහු උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේනියන් මහතාට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී සරත් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව පසුගිය දා ජීවිතක්ෂයට පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad