නියඟය දරුණු වෙයි - පවුල් 25515 පීඩාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

නියඟය දරුණු වෙයි - පවුල් 25515 පීඩාවට

උතුරු පළාතට මේ දිනවල පවතින දැඩි නියං තත්වය හේතුවෙන් වව්නියාවේ පවුල් 25515 කට අයත් පුද්ගලයින් 85800 ක් පමණ දෙනා විපතට පත්ව ඇති අතරම ඇතැම් ප්‍රදේශ වෙතට පානීය ජලය නොමැති වීමෙන් එම වැසියන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

වව්නියාවේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරට අයත් ග්‍රාම සේවාවසම් 102ක වැසියන් මෙම නියං කාලගුණයට ගොදුරුව සිටින අතර ඉන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටින පවුල් 670 කට අයත් පුද්ගලයින් 2600 කට ආසන්න පිරිසකට පානීය ජලයද නොමැතිව සිටිති. මේ දිනවල වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා එම වැසියන්ට පානීය ජලය ලබා දීමේ වැඩපිළිවලක්ද ආරම්භ කොට ඇති බවට වව්නියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

වව්නියාව දිසාපතිතුමන්ගෙන් මේ නියං තත්වය පිළිබඳ විමසීමේදී වැඩි දුරටත් කියා සිටියේ  වව්නියාවේ පානීය ජලය නොමැති ප්‍රදේශ කිහියක වැසියන්ට ජල ටැංකි 300 ක් පමණ යොදවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පානීය ජලය ලබා දීමට පියවර ගන්නා බවයි. මේ වන විට දුෂ්කර ගම්මාන කිහිපයකට පානීය ජලය නොමැති වීමෙන් පානීය ජලය ලබා දීමේ වැඩපිළිවලක් ආරම්භ කොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad