පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදේ දහය පමණ වන විට තෙල් සංස්ථාවෙන් ලබාදීමට හැකිවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන නිසා හමුදා සාමාජිකයින් තෙල් සංස්ථා පරිශ්‍රයට මේවනවිට ඇතුල් වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
එහිදී සේවය කරන සේවකයින්ට ආරක්ෂාව සපයමින් පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදාහරින බවද ඔහු පෙන්වා දුන්නේය. ඊයේ දිනයේ කොළොන්නාව නිමාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල තෙල් පර්යන්තවලින් ඉන්ධන නිකුත් කිරීමක් සිදුවූයේ නැත. කුමන බාධා පැමිණියත් සිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසී ය. ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබෙනා වැඩවර්ජනයට මේවනවිට දින දෙකක් ගතවී තිබේ.

No comments:
Post a Comment