කොළොන්නාවේ සේවක පිරිසක් අත්අඩංගුවට - බවුසර් 15ක් පිටත් කර යවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

කොළොන්නාවේ සේවක පිරිසක් අත්අඩංගුවට - බවුසර් 15ක් පිටත් කර යවයි

කොළොන්නාවේ සේවක පිරිසක් අත්අඩංගුවට - බවුසර් 15ක් පිටත් කර යවයි
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය අසල ඛනිජ තෙල් වර්ජනයට සම්බන්ධ සේවකයන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ. වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් පිරිසක් විසින් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් දුම්රිය මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් එම සේවක පිරිසක් ඉවත් කිරීමට යාමේදී මෙම තත්වය උද්ගතවී ඇති බවත් එහිදී කලහකාරීව හැසිරුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු සේවකයින් 13 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ. 

එම පිරිස් පාලනය කිරීම සදහා පොලිස් කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් සහ කැරළි මර්ධන රථ එම ස්ථානයට යොදවා තිබේ. මෙම තත්ත්වය සමඟ කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් මේ වන විට පොලීසිය ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු යොදමින් සිටින බවත් වාර්තා වෙයි.

මේ අතර ඉන්ධන බෙදා හැරීම සදහා ඉන්ධන පිරවූ බවුසර 15ක් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පිටත්කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සේවකයින් සිය වර්ජනයක් ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේයි.

No comments:

Post a Comment

Post Bottom Ad