තෙල් හිඟයි කියා - රට පුරා පැයක් ලයිට් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

තෙල් හිඟයි කියා - රට පුරා පැයක් ලයිට් නෑ


ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදා හැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ හේතුව නිසා සියලු පළාත්වල අද (26) පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදු වී ඇති අතර විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන කාල සීමාව තුළ ද විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය දන්වා ඇත.

මේ වන විට නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වී පවති. ඉන්ධන ප්‍රශ්නය විදුලිය මෙගාවොට් 500 ක පමණ ප්‍රමාණයක් උත්පාදනය කිරිම බරපතල ප්‍රශ්නයක් වී ඇති නිසා විදුලිය කපා හැරීමට සිදු වී ඇත. විදචුලිය කපන වේලාවන් නිශ්චිතව දන්වා නැත.

No comments:

Post a Comment

Post Bottom Ad