UPDATE: උණුසුම් තත්ත්වයෙන් පසු ඥාණසාර හිමියන් සහ මනෝ ගනේෂන් අමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

UPDATE: උණුසුම් තත්ත්වයෙන් පසු ඥාණසාර හිමියන් සහ මනෝ ගනේෂන් අමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවෙයි


ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ කාර්යාලයට පැමිණි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මීට සුළු වේලාවකට පෙර අමාත්‍යවරයා මුණගැසීමට ලැබුනා.

මිට පෙර වීඩියෝවෙන් දැක්වුනේ ඥාණසාර හිමියන් අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා එහි නොසිටීම සම්බන්ධයෙන් අති වූ උණුසුම් තත්ත්වයයි. ඊට ටික වේලාවකට පසුව මනෝ ගනේෂන් අමාත්‍යවරයා අමාත්‍යාංශයට පැමිණීමෙන් පසුව ඥණසාර  හිමියන් ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වුනා.




මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත අදහස් දැක් වූවා. 



UPDATE01 - 2017-05-17 11:02- ඥාණසාර හිමි මනෝ ගනේෂන් අමාත්‍යවරයාගේ කාර්යාලයකට පැමිණ ඇති වූ උණුසුම් තත්ත්වය සජිවීව 

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් තවත් භික්‍ෂුණ් වහන්සේ දෙනමක් සමග අද පෙරවරු 10 ට ජාතික සංවාද අමාත්‍ය මනෝගනේෂන් මහතාගේ කාර්යාලයකට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුනා. එම අවස්ථාව ෆේස්බුක් ඔස්සේ මෙලෙස සජිවීව ප්‍රචාරය වී තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad