මන්ත්‍රී ගීතා කියන විදිහට මෝදි ඉන්දියාවේ ජනාධිපති (වීඩියෝව මෙන්න) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

මන්ත්‍රී ගීතා කියන විදිහට මෝදි ඉන්දියාවේ ජනාධිපති (වීඩියෝව මෙන්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගීතා කුමාරසිංහ මහත්මිය  “නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉන්දියාවේ ජනාධිපතිවරයා” බව පවසන වීඩියෝවක් මේ වනවිට සමාජ වෙබ් අඩවි තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යනවා. කිසියම් පුද්ගලයෙකු නරේන්ද්‍ර මෝදි මහතා ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ “මෝදි ඉන්දියාවේ ගරු ජනාධිපතිතුමා. අපි එතුමාට ගෞරව කළ යුතුයි”.


මීට පෙර අවස්ථාවක ද ගීතා කුමාරසිංහ මහත්මිය ඒකාබද්ධ විපක්‍ෂයේ මහනුවර සිට කොළඹ දක්වා පැමිණි පාද යාත්‍රාවක කොටි දෙකක ජනතාවත් සහභාගී වූ බව ප්‍රකාශ කළා. සටහන - ශ්‍රී ලංකාවේ ජනගහණය අවසන් සංගණනයට අනුව දෙකෝටි විසි ලක්‍ෂයකි. ඉන්දියාවේ වර්ථමාන ජනාධිපතිවරයා වන්නේ ප්‍රනාබ් මුඛර්ජී මහතායි. පසුගිය දා ශ්‍රී ලංකාවේද සංචාරයක නිරතවූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ 14 වන අග්‍රාමාත්‍යවරයායි.

No comments:

Post a Comment

Post Bottom Ad