Exclusive : අර්ජුණ රණතුංගගේ පහරින් වේළුපිල්ලේ ප්‍රභාකරන් පිනා ගිය හැටි ගැන හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

Exclusive : අර්ජුණ රණතුංගගේ පහරින් වේළුපිල්ලේ ප්‍රභාකරන් පිනා ගිය හැටි ගැන හෙළිදරව්වක්

1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන තරගය කාගේත් අවධානය දිනා ගත්තා . ඒ එක්කම එදා මාර්තු 17 අවසන් මහා තරගය වේළුපිල්ලේ ප්‍රභාකරන් සිය භූගත නිවසේ සිට අවසන පන්දුව දක්වා නැරඹු බවත් අර්ජුන රණතුංග එල්ල කළ අවසන් හතරේ පහර සමග ප්‍රභාකරන් අසුනෙන් නැගිට, අත්පොලසන් දෙමින් ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විදි බව පසු කලෙක ඇඩෙලා බාලසිංහම්( ඇන්ටන් බාලසිංහම්ගේ බිරිද ) හෙළි කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්වු එල්.ටී.ටී.ඊ ය ම්ලේච්ඡත්වය කරා රැගෙන ගියේ ප්‍රභාකරන් විසිනි. බුද්ධිමත් දමිළ නායකයින් තොග පිටින් මරා දැමු ඔහු, දමිළ ජනතාව රැගෙන ගියේ ගල් යුගය කරාය. තම දියණියගේ දෝතට රෝස මල් පොකුරක් දුන් පිරබාහරන් , දුප්පත් දමිළ දරුවන්ට දුන්නේ තුවක්කුව සහ සයනයිඩ් කරලය. වෙළුපිල්ලේ පිරබාහරන් යනු ස්වයංජාත නිර්මාණයක් නොව ඉතා සංවිධානාත්මක වු වැඩපිලිවෙලක රූකඩයකී, ප්‍රභාකරන් බිහි වුයේ අසල්වැසි ඉන්දියානු නායකයින්ගේ තමිල්නාඩුව වෙන් වීමේ භීතිකාවේ අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.


30 වසරක යුද්ධය තුළ ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් බෙලහීන විය. වටිනා ජීවිත දහස් ගණනක් රටට අහිමි විය. නැවත මෙවැනී මිනිසුන් උතුරෙන් බිහි නොවීමට අප කුමක් කළ යුතුද ? අවසනාවක මහත, ඒ පිළිබද කිසිදු විද්වත් කතිකාවක් මෙතෙක් රට තුළ ඇති වී නොමැත. සියල්ලෝම පුරසාරම් දොඩමින් යළිත් ම්ලේච්ඡත්වය කරා දමිළ ජනයා තල්ලුකරමින් සිටී.

-nalin kumar-

channel4.lk

No comments:

Post a Comment

Post Bottom Ad