“කළකිරිම පිට කරන්නට උනොත් අවුරුද්දක් හඩා වැළපුනත් මදි” සුජීවගේ සහයට වසන්තත් එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

“කළකිරිම පිට කරන්නට උනොත් අවුරුද්දක් හඩා වැළපුනත් මදි” සුජීවගේ සහයට වසන්තත් එයි

රාජ්‍ය ඇමතිවරයකුට වැඩ කිරීමට ඇති ප්‍රමාණය සීමිත බවත් එම කළකිරිම පිට කරන්නට උනොත් අවුරුද්දක් හඩා වැළපුනත් මදි බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

ඊයේ (16) දින දිබුලාගල ප්‍රාදේශීය ඒකකයේ ලක්ෂ 224 ක වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ මුල්‍යමය ප්‍රතිපාදන යටතේ මහවැලි අධිකාරියට අයත් සිරිපුර රත්මල් කණ්ඩිය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ අසාධාරනකම් විදගෙන පුළුවන් විදිහට වැඩ කරන බවයි.

“රාජ්‍ය ඇමතිවරයකුට වැඩ කිරීමට ඇති ප්‍රමාණය සීමිතයි . මීට වඩා වැඩ කිරීමට අවස්තාව තිබුනානම් ජනතාවට මිට වඩා වැඩක් කිරීමට පුළුවන්. එකේ කලකිරීම හොදටම පිට උනා මේ ලගදී අපේ සහෝදර රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ ඇමතිගෙන්. හැබැයි ඒක එතුමන් තනියෙන් මුහුණ දෙන ප්‍රශ්නයක් නොවෙයි අපි සමහරු පිට කරේ නැති උනාට මේක අපි සමස්ථයක් විදිහට මුහුණ දෙන ප්‍රශ්නයක්.”

“සමහරක් විට මට ඔය කළකිරිම පිට කරන්නට උනොත් අවුරුද්දක් හඩා වැළපුනත් මදි.මම මේ වෙන අසාධාරනකම් විදගෙන පුළුවන් විදිහට වැඩ කරනවා. ඔබ තුමා ඇමති හැටියට අපිට මුකුත් කරන්නෑ එයින් කළකිරිනු ජනතාව ද අපට බනිනවා. “

No comments:

Post a Comment

Post Bottom Ad