අගමැතිට ලිපියක් – රජයට අනතුරු ඇගවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

අගමැතිට ලිපියක් – රජයට අනතුරු ඇගවීමක්

පසුගිය අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවය මත අත්හිටවූ නමුත් තම ඉල්ලීම් ඉදිරි සතිය ඇතුළත ඉටු කිරීමට ක්‍රියා නොකරන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයක් යළි ආරම්භ කරන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඉල්ලීම් 3 ක් සඳහා විසඳුම් දෙන තෙක් තම වර්ජනය තාවකාලිකව අත්හළ නමුත් අගමැතිවරයා ඉන්දියාව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම අධ්‍යයනයේ දී එම එකඟතා තම ඉල්ලීම්වලට සම්පූර්ණයෙන්ම පටහැණි බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටී.

ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමේ ඇති එකඟතා ක්‍රියාත්මක කෙරෙන කාල පරාසය සැලකිල්ලට ගැනීමේ දී ඉදිරි සතිය ඇතුළත තම ඉල්ලීම්වලට පරස්පර දේ ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව පෙනී යන බවද ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අගමැතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad