ගුරුවරයාගේ කාර්එකේ දාගෙන වසර දෙකක් තිස්සේ රුම් ගෙනිච්ච සිසුවිය ගැබිනියක්වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

ගුරුවරයාගේ කාර්එකේ දාගෙන වසර දෙකක් තිස්සේ රුම් ගෙනිච්ච සිසුවිය ගැබිනියක්වෙලා

තමා උගන්වන ලබන පාසලේම 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර ගැබිනියක් බවට පත් කළ බව කියන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා.

සැකකාර ගුරුවරයා තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ. මෙම සැකකාර ගුරුවරයා මෙම ශිෂ්‍යාව සමඟ වසර 02ක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි අධිකරණයේ දී අනාවරණය වුනා.

ඔහු ඇයව සිය මෝටර් රථයේ හා යතුරු පැදියේ නංවාගෙන හෝටල් කාමර වෙත රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පසුගිය මාර්තු 30 වන දා ඔහු දැරියට කියා ඇත්තේ පාසල නිම වූ පසු පාට ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසයි. එසේ කළුතර නගරයට පැමිණි පසු ගුරුවරයා, දැරියව මෝටර් රථයේ නංවාගෙන ඔහුගේ නිවාස වෙත ගෙනගොස් ඇති අතර එවිට නිවසේ සිට ඇත්තේ ඔහුගේ දරුවන් තිදෙනා පමණක් බව ද දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මෙම ගුරුවරයාගේ දරුවන් අතර දැරියට ආසන්න වයසේ දරුවකු සිටින බවට ද අනාවරණය වී ඇතැයි සඳහන්. එදින එම දරුවන් උඩු මහලට යැවූ ගුරුවරයා සිය සිසුවිය සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු බවද ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා. පසු දිනක දැරිය ගුරුවරයාට පවසා ඇත්තේ තම ශරීරයේ වෙනසක් දැනෙන බවයි.

පසුව ඉකුත් මැයි මස 06 වනදා ඔහු සිය බිරිඳ සමග පැමිණ කුප්පියකට සිය මුත්‍රා සාම්පලයක් රැගෙන ගිය බවද දැරිය පැවසූ බව පොලිසිය අධිකරණයට කියා ඇති බව සඳහන්. ඒ අනුව තමා ගැබ් ගෙන ඇතැයි ඉන් දැනගත් බව ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad