ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව එක් කරගනිමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පරාජිත අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් සංශෝදනයක් හරහා ආණ්ඩුවේ ගමන් මග වෙනස් කිරීමට උත්සහ කරන බව ,පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු අශෝක ප්‍රියන්ත පවසයි.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
පරාජිත දේශපාලනඥයින්ගේ උවමනාවට ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණේ හා යහපාලන රජය ලැබූ ජනමතයේ ගෞරවයට හානි කරන්නට සැරසෙනවා නම් එ.ජා.ප. පසු පෙල මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් නැගී සිටීමට සූදානම් බවද ඔහු සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක ප්‍රියන්ත ,
“පසුපෙල මන්ත්‍රිවරුන් හැටියට අපි මේ ආණ්ඩුව හදන්න සෑහෙන්න කැප කිරීම් කළා.අපි මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කැප කිරීම් කළා.ඒවගේම මේ ආණ්ඩුව රකින්නත් අපි කැපකිරීම් කළා. ආණ්ඩුව වැරදි මාර්ගයක යයි කියලා හිතනවා නම් එය පෙන්වා දීමත් පසුපෙළ මන්ත්‍රිවරුන් හැටියට අපේ වගකීමක්.තනතුරු ,වරදාන ,වරප්‍රසාද නැතුව තනතුරු වලින් බැබළිච්ච නැති පසුපෙල මන්ත්‍රිවරුන් හැටියට අපිට කතා කරන්න සම්පූර්ණයෙන්ම අයිතියක් තියනවා .
මේ පරාජිත දේශපාලඥයන් උත්සහ කරනවා පරාජය වෙලා ආණ්ඩුවට සම්බන්ධ වෙලා ආණ්ඩුවෙන්ම යැපිලා ආණ්ඩුව ඔවුන් යටතට ගන්න.ඒක කරන්න දෙන්න බෑ .අපි 51 ක් ඉන්නවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්. හැබැයි අපි එකක් කියනවා පළවෙනියාට තියන රට දෙවැනියාට දාලා පක්ෂයක් රකින්න විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු පරාජිත මන්ත්‍රිකම් දරන මන්ත්‍රිවරු අමාත්‍යවරු කටයුතු කරනවා නම් අපි ඕනෑම මොහොතක නැගි සිටිනවා.
අපි මහින්ද රාජපක්ෂ පාලනය පලවා හැර යහපාලනය ඇති කරන්න ගොඩාක් කැපකිරීම් කළා.එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කල ඒ කැපකිරීම් වලට අපේ පක්ෂයට ගෞරවය ලැබිය යුතුයි.ඒක අපිට නැතුව යනවා නම් ,ජනාධිපතිවරයා හෝ පරාජිත අයගේ වචන වලට රැවටිලා එක්සත් ජාතික පක්ෂය නොසලකා හරිනවා නම් ,එක්සත් ජාතික පක්ෂයේ බහුතරක් ඉන්නවා මන්ත්‍රිවරුන් පැත්තේ .ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය ඉන්නේ ටිකයි.
අපි අපේ නායකතුමාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වචනයට මෛත්‍රිපාල සිරිසේන මහතාව කරපින්නාගෙන ගියා.මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දයෙන් වෙනස් කරන්න බැරි ජන මතයක් අපි වෙනස් කළා.ඒ නිසා අපි කියනවා මේ අවස්ථාවේ වෙන්න ඕන කැබිනට් සංශෝදයක් නෙමේ.අපිට ඕන යහපාලනය වෙනුවෙන් වැඩ කරන්න ඕන මිනිස්සු හදුනා ගන්න. අපිට පැහැදිලිව තේරෙනවා මේ කැබිනට් සංශෝදනයක් හරහා මේ ආණ්ඩුව විනාශ කරන්න හදනවා.
කරුණාකරලා කැබිනට් සංශෝදනයට ඉස්සල්ලා මේ රටේ මිනිස්සුන්ට වෙච්ච පොරොන්දු ඉටු කරන්න.මේ ආණ්ඩුවේ ගමන් මග වෙනස් කරන්න පරාජිත දේශපාලඥ යන්ට ඉඩ දෙන්න බෑ .”
Wednesday, May 17, 2017
ජනාධිපතිට එරෙහිව නැගී සිටිනවා.. එජාප පසුපෙලින් ප‍්‍රහාර ඇරඹේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment