ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක් සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක් තීරණය කර ඇත.
හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටිති. මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයක් සිදුකරනවාට එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ද දැඩි විරෝධය පළ වී ඇත.
මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගාල්ල දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ කුමන්ත්‍රණයකට අනුව කැබිනට් සංශෝධනය සිදුකරන බවත් එය එසේ සිදුවුවහොත් අනවශ්‍ය දේශපාලන අර්බුදයක් ඇතිවන බවත්ය.
කැබිනට් සංශෝධන අවශ්‍යම නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව ඇති ඇමැතිධුරවල වෙනස්‌කම් සිදුකරගත හැකි බවත් එ.ජා.ප.යට හිමිව ඇති ඇමැති ධුරවල වෙනස්‌කම් සිදුකර අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය නොකළ යුතු බවත් බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා වැඩිදුරටත් කීය.
ඇමැති තනතුරු වෙනස් වනු ඇතැයි පැවැසෙන ඉහත ප්‍රබල ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඊයේ (16 දා) කියා සිටියේ තම ඇමැති ධුරවල වෙනසක් සිදුකළොත් ඒ තුළින් ජනතාව වැරැදි අවබෝධයක් ඇතිකර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා ඇති බවත් සිය විරෝධය නොතකා එවැන්නක් සිදු කළොත් දේශපාලනයේ ඉන්නවාද නැද්ද කියා තීරණයක් ගැනීමට සිදුවන බවත්ය.
– දිවයින
Wednesday, May 17, 2017
Home
දේශපාලන පුවත්
කැබිනට් වෙනස අවුලෙන් අවුලට.. ඇමතිකම් ගැලෙවුවොත් එජාප ප්‍රබලයෝ තුනක් ආණ්‌ඩුවෙන් ඉවත් වෙයි..
කැබිනට් වෙනස අවුලෙන් අවුලට.. ඇමතිකම් ගැලෙවුවොත් එජාප ප්‍රබලයෝ තුනක් ආණ්‌ඩුවෙන් ඉවත් වෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment