මෙරටට පැමිණි ඉන්දීය රාජ්‍ය නායකයා මෙරට රාජ්‍ය නායකයා සහ අගමැතිවරයා දෙපස තබාගෙන ඔවුන්ගේ අත්වලින් ඔසවා මුළු ලෝකයටම නොකියා කීවේ ‘මේ රටේ අයිතිකාරයා මමයි. මේ තමයි මම දාපු ජොකියන් දෙන්නා’ කියා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඊයේ (16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“ආණ්ඩුව දවසින් දවස කඩාවැටීමේ දිසාවට ගමන් කරනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ දේශපාලන බලවේගය දවසින් දවස බලවත් වෙමින් මේ ආණ්ඩුව පරාජය කිරීමේ සටනක නිතරව සිටිනවා. මුලින් පැවසුවේ මෝඩි අගමැතිවරයා වෙසක් දිනයට කලින් මෙරටට පැමිණීමට නියමිත බව. නමුත් ඔහු මෙරටට ආවේ වෙසක් දිනය උදා වුණාට පසුවයි. වෙසක් දිනය උදා වූවාට පසුව මෝඩි නොවෙයි කවරකු පැමිණියත් විරෝධතා පැවැත්වීමේ සංස්කෘතියක් මේ රටේ නැහැ.
කෙසේ නමුත් මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිත් කියපු, කරපු දේවල්වලින් පැහැදිලි වුණේ ඔහු සිතා සිටින්නේ ශ්‍රී ලංකාව තමන්ගේ කොලනියක් ලෙස බවයි. වතුකරයට ගිහිල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ අතට ඉන්දීය කොඩිය දීලා, ඒ වගේම තමන් මැදින් ඉඳගෙන, ලංකාවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ අත් අල්ලන් ඒවා උස්සලා පෙන්වලා මෝඩි අගමැතිවරයා නොකියා කීවේ ඒකයි. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක මැද ඉන්න ඕනෙ රටේ ජනාධිපති. ‘මේ රටේ අයිතිකාරයා මම. මේ තමයි මම දාපු ජොකියෝ දෙන්නා’ කියලයි එදා ඉන්දීය අඅගමැතිවරයා මුළු ලෝකයටම පෙන්වා දුන්නේ.
වෙන කිසිම රටක එහෙම වෙන්නේ නැහැ. ඒ තරම් පරාධීන තත්වයකට අපේ රට අද ඇද දමලා තිබෙනවා. මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේදී මෝඩි කියනවා ‘වෙළඳාම,තාක්ෂණය හා මානව සම්පත් නිදහසේ ගලා යාමට ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව පියවර ගත යුතුයි’ කියලා.
එමගින් නොකියා කියන්නේ ‘එට්කා ගිවිසුම අත්සන් කරලා ඉන්දියාවේ, ශ්‍රමිකයන්ට ලංකාවට ඇවිත් මේ රටේ තරුණයන්ගේ රැකියා අවස්ථා, අයෝජන අවස්ථා කොල්ල කන්න ඉඩ දෙන්න ඕනේ’ කියලයි. ඒ වගේම ‘හනුමන් පාලම හදලා මේ රටවල් දෙක භෞතික වශයෙන් යා කරන්න ඕනෙ.’ කියලයි ඔහු කීවේ.
මේ සියල්ලටම ඉන්දියාවට ගියපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වෙලා ඉවරයි. ඒ ‘එකඟවීමේ සාදය’ තමයි ඉන්දීය අගමැතිවරයා වෙසක් දිනවල ශ්‍රී ලංකාවට ඇවිත් පැවැත්වූයේ. කොහොම වුණත් මේ රට ඉන්දියානු කොලනියක් කිරීමේ උත්සාහයට එරෙහිව ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට මේ රටේ ජනතාව සූදානම් බව හොඳින් මතක තියාගන්න කියා මේ ආණ්ඩුවට කියනවා.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Wednesday, May 17, 2017
Home
දේශපාලන පුවත්
‘මේ රටේ අයිතිකාරයා මමයි.. මේ තමයි මං දාපු ජොකියෝ දෙන්නා’ මෝඩි නෝවුඞ්දී කියු කතාව විමල් කියයි..
‘මේ රටේ අයිතිකාරයා මමයි.. මේ තමයි මං දාපු ජොකියෝ දෙන්නා’ මෝඩි නෝවුඞ්දී කියු කතාව විමල් කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment