ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය මේ මස 19 වැනි දින සිට බල පැවැත්වෙන බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමයේ ජී.එස්.පී. + සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන් ලායි මාර්ගු පවසා ඇත්තේ මේ සහනය ලංකාවට ලැබීමත් සමඟ වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වැඩි වැඩියෙන් යොමුවනු ඇති බවයි.
මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් නොව මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බවද හෙතෙම සඳහන් කරයි. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට පෙර මෙරට පැවැති මානව හිමිකම් තත්ත්වය සහ පුද්ගලයන් විවිධ වදහිංසාවලට ලක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරෙයි.
පැවැති එම තත්ත්වය බොහෝ දුරට යහපත් වී ඇති බවත්, එය ඉදිරියට වර්ධනය කර ගත යුතු බවට අවධානය යොමු කිරීමත් පදනම් කර ගනිමින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය කළ බවද යුරෝපා කොමිසම පවසයි.
(සිදත් මෙන්ඩිස්)
Wednesday, May 17, 2017
අනිද්දා (19) සිට ලංකාවට GSP Plus
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment