එජාප ප‍්‍රබලයෝ 03ක් ආණ්ඩුවෙන් එළියට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

එජාප ප‍්‍රබලයෝ 03ක් ආණ්ඩුවෙන් එළියට!

ඇමති මණ්ඩල සංශෝධනයේදී තමන් දැනට ඇමති ධූරවල වෙනසක් සිදුකළහොත් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප‍්‍රබල ඇමැතිවරු තිදෙනෙක් තීරණය කර ඇත

හදිසියේ සිදුකිරීමට යන ඇමති මණ්ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්ෂ මුලස්ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ජා කිරීමටද සූදානමින් සිටිති.

ඇමති තනතුරු වෙනස් වනු ඇතැයි පැවැසෙන ඉහත ප‍්‍රබල ඇමතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක් පවසා සිටියේ තම ඇමති ධූරවල වෙනසක් සිදුකළහොත් ඒ තුළින් ජනතාව වැරැුදි අවබෝධයක් ඇතිකර ගැනීමේ ඉඩ ප‍්‍රස්ථා ඇති බවත් සිය විරෝධය නොතකා එවැන්නක් සිදු කළහොත් දේශපාලනයේ ඉන්නවාද නැද්ද කියා තීරණයක් ගැනීමට සිදුවන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad