දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකරගත් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (16 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි. තනි සටනක නිරතවූ පාර්තිව් පතෙල්ට අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගයක් නොලැඹීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලට සිදුවිය.පන්දු 43 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට පාර්තිව් පතෙල් සමත්විය.
වොෂිංටන් සුන්දර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4 කදී ලකුණු 16 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු දවාගනිමින් ජයග්‍රහණය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල වෙත නතු කිරීමට සමත්විය. ශාර්දුල් ඨාකූර්ට ඕවර 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු තුනක් දවාගැනීමට සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය.
ලකුණු 9 කට කඩුලු 2 ක් බිඳ වැටී පූනේ කණ්ඩායම අසරණ තත්ත්වයට පත්ව තිබූ අවස්ථාවේ ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ (56) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මනෝජ් තිවාරි (58) සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීය. පන්දු 43 කදී වාර්තා වූ රහනේගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 48 කදී වාර්තා වූ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
පූනේ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 26 කදී නොදැවී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 5 ක් සමගිනි. කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.
Wednesday, May 17, 2017
Home
ක්‍රීඩා පුවත්
මුම්බායී පිතිකරුවන් වොෂින්ටන් සුන්දර්ගේ විශිෂ්ට පන්දුයැවීම ඉදිරියේ අන්ත අසරණ වෙයි – තීරණාත්මක තරගයෙන් දරුණු පරාජයක් හිමිවෙයි
මුම්බායී පිතිකරුවන් වොෂින්ටන් සුන්දර්ගේ විශිෂ්ට පන්දුයැවීම ඉදිරියේ අන්ත අසරණ වෙයි – තීරණාත්මක තරගයෙන් දරුණු පරාජයක් හිමිවෙයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment