බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා “ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ලද මිලට ගැනිමට කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
සියත නාලිකා ප්‍රධානී රොෂාන්ත කාරියප්පෙරුම අවස්ථා ගණනාවක සිය නාලිකා විකිණීම සදහා විවිධ පාර්ශ්වයන් සමග ගණුදෙනු වලට එලබියද පසුව ඒම ගණුදෙනු විවිධ හේතු ඉදිරිපත් කරමින් අවලංගු කිරිමට කටයුතු කල අතර පසුව ගෙවිගිය වසර දෙක කාලය තුල සියත නාලිකා අනන්තයටම කඩා වැටුනු අතර එම නාලිකා සහ රොෂාන්තගේ විවිධ ව්‍යාපාර කඩාවැටීමෙන් ඔහු අඩික ලෙස ණය කන්දකට යටව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඒ අනුව එ අනුව සියලුම ණය පියවිම සහ ඉදිරියේදි ඔහුගේ ව්‍යාපාර සාර්ථක කිරිම සදහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම යටතේ ප්‍රතිපාදන සැපයිමේ කොන්දේසි මත සියත නාලිකා විකිණීමට එකඟත්වය ඇතිකරගෙන ඇති අතර නාලිකාවේ දැනට සේවය කරන සේවකයින් භාර නොගැනිමටද එකඟතාව් පලකර තිබේ.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ කුප්‍රකට ඩීල් කරුවන් දෙදෙනෙකු වන ප්‍රියන්ත කාරියප්පෙරුම හා රොෂාන්ත කාරියප්පෙරුම 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග හිදිමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට යටින් උදව් කොට මාට්ටු වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් කාරියප්පෙරුම දෙබෑයන් එලවා දැමු අතර යහපාලනය උදාවිමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ බඩගා සෙට් එන්නට උත්සහ ගත් අතර එය අසාර්ථක විමෙන් පසුව සිරිසේනගේ කේලාම් බට්ටා ලෙස රජගෙදරට සෙට් විමට ප්‍රියන්ත කාරියප්පෙරුමට හැකි වු නමුත් තවමත් නිශ්චිත තනතුරක් ගැනිමට හැකියාව ලැබුනේ නෑ.
මැක්‌ස් ටී.වී. හිමිකරු කූප්‍රකට හොරෙක් වන ජනක රාමනායක සමගද වැඩ නොකරන MAX Tv සදහා ගණුදෙනුවක් අර්ජුන් ඇලෝසියස්ගේ මාධ්‍ය භාරව සිටින එජාපයේ න්‍යාචාරවරයෙකුව සිටි රුපවාහිණි නාලිකා සදහා වෙළඳ දැන්විම් බෙදාහරින අයෙකු සමග සාකච්ඡා සිදුව ඇති අතර අර්ජුන් ඇලෝසියස්ගේ පවු සේදිමේ විද්යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීයා ලෙස කටයුතු කරනු ලබන්නේ අදාළ න්‍යාචාරවරයා වන අතර ඔහු උග්‍ර මහාරාජා විරෝධියෙකුද වේ.
(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)
Friday, December 23, 2016
Home
අනාවරණ
බැදුම්කර හොරු සියත TV සහ සියත Radio MAX Tv නාලිකා මිළට ගනී…පවු සේදිමේ මාධ්‍ය මෙහෙයුම ජනවාරියේ
බැදුම්කර හොරු සියත TV සහ සියත Radio MAX Tv නාලිකා මිළට ගනී…පවු සේදිමේ මාධ්‍ය මෙහෙයුම ජනවාරියේ
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment