ICC ලෝක ටෙස්ට් ටීම් එකට රංගන - වන් ඩේ ටීම් එකට අපේ අය කවුරුත් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

ICC ලෝක ටෙස්ට් ටීම් එකට රංගන - වන් ඩේ ටීම් එකට අපේ අය කවුරුත් නෑ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන අන්තර්ජාතික ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙක නම් කර ප්‍රසිද්ධියට පත් කර තිබේ.‍

අයි.සී.සී. වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් නම් කොට නොමැති අතර වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ රංගන හේරත් නම් කර තිබේ.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස විරාත් කෝලි නම්කර ඇති අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඇලිස්ටෙයාර් කුක් නම් කර තිබේ.

වසරේ ක්‍රිකට් ක්‍රිඩාවේ ජීව ගුණය ආරක්ෂා කළ ක්‍රීඩකයා ලෙස පාකිස්තානයේ මිස්බා උල් හක් නම් කර ඇති අතර වසරේ විනිසුරු ලෙස මරායිස් එරස්මස් නම් කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad