කොක්එළියට රතු එළියක් - ගම්වාසීහු ගම්බිම් හැරයති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

කොක්එළියට රතු එළියක් - ගම්වාසීහු ගම්බිම් හැරයති

කොක්එළියට රතු එළියක් - ගම්වාසීහු ගම්බිම් හැරයති

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු සාමාජිකයින් පිරිසක් පිස්තෝලයක් රැගෙන විත් වවුනියාවේ කොක්එළිය ගම්මානයේ යළිපදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වනවිට වැසියන් විශාල පිරිසක් ගම්මානය අතහැර ගොස් ඇතැයි ගම්වාසීහු පවසති.

 මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් නොවන බවත් හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කර  තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමට ගන්නා උත්සාහක් බවත් ඔවුහු පවසති.

 මීට මාස තුනකට පමණ පෙර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් ගමේ විශාල පිරිසක් පදිංචිය ගිය බවත් පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් පසුව යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බවත් ගම්වාසීන් කියා සිටියහ.

1985 වර්ෂයේදී කොක් එළිය ගම්මානයට එල්.ටී.ටී.ඊ.ය පහරදී විහාරාධිපති හිමියන් ඇතුළුව ගම්වැසියන් දස දෙනෙකු ඝාතනය කොට ගම්මානයට ගිණි තැබීය.

ඉන් පසුව අවස්ථා හතරක්ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියත් විවිධ ප්‍රශ්න හේතුවන් යළිත් ගම්මානය අතහැර ගොස් තිබේ. ස්ථිර වශයෙන් යළි පදිංචිය සදහා ගම්වැසියන් කොක් එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නයෙන් තමන්ව මුදවාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්ෂා කළ විට ගම හැර ගිය පිරිස් යළි ගම්මානය වෙත ළගා වන බවයි.

එසේ නොවුවහොත් වවුනියාවේ කොක් එලිය ඉපැරණි සිංහල ගම්මානය දියවී ජනශුන්‍ය පළාතක් වනු ඇතැයිද ගම්වාසීන් පෙන්වා දෙයි. 

මේ පිළිබදව වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නි‍යෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලීසිය කටයුතු කොට ඇති බවයි.

වවුනියාව කොක්එලිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙණුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපොලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ රක්ෂාව පිළිබදව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

 - දිනසේන රතුගමගේ -

No comments:

Post a Comment

Post Bottom Ad