රටේ සහල් හිඟයක් නෑ - ගොවීහු රජයට යුධ ප්‍රකාශ කරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

රටේ සහල් හිඟයක් නෑ - ගොවීහු රජයට යුධ ප්‍රකාශ කරති

රටේ සහල් හිඟයක් නෑ - ගොවීහු රජයට යුධ ප්‍රකාශ කරති

රටේ කිසිදු වී හෝ සහල් හිගයක් නොමැති අවස්ථාවක ඉතා ශුක්ෂම ලෙස හිගයක් මවා පාමින් රජය මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව සුරාකෑමට ඉඩ හසර ලබාදී ඇතිබව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරති.

ඊයේ පැවති සමස්ත ලංකා සුළු හා මධ්‍යපරිමාණ වී මෝල් කරුවන්ගේ සහ වී තොග රැස්කරන්නන්ගේ සංවිධානය සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ අදහස් ප්‍රකාශ කළහ.

 

මහා පරිමාන වී මෝල් කිහිපයක අව්‍යශතාව පරිදි වී අලවි මණ්ඩලය ක්‍රියා කරන නිසා අද සහල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත් රටේ සහල් හිගය හා වී හිගය කෘතිමව ඇතිකර පාරිභෝගික ජනතාවත් කුඩා පරිමාන වී මෝල් හිමියන්ද සුරාකමකට පත්කර තිබෙන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

 

එමෙන්ම මහාපරිමාණ මෝල් හිමියන් සතුව වී මේටො ලක්ෂ 15කට වඩා වැඩි ප්‍රමාණයක් සගවාගෙන සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 

මේ අතර උපරිම මිළ ගැසට් කර තිබියදී පාරිභෝගික නීතිය යටතේ සහල් මිල ඉහල දැමීමට නොහැකි බව පොලොන්නරුව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad