මධ්‍යම අධිවේගයේ කොටසක් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

මධ්‍යම අධිවේගයේ කොටසක් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙයි

මධ්‍යම අධිවේගයේ කොටසක් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදි කිරීම් වෙනුවෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් පිරිසක් සමග ගිවිසුමකට එළැඹුණු බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ, අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන කොටසේ ඉදි කිරීම් ලබන ජනවාරි මාසයේ ආරම්භ කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයට අවශ්‍ය සියලු බිම් කොටස් මේවන විට රජයට පවරාගෙන ඇති බව වාර්තා වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටස, මීරිගමින් ආරම්භ වී කුරුණෑගල දක්වා දිවෙන අතර, එය කිලෝ මී‍ටර 39.29 ක දිගකින් යුක්ත වේ. එම කොටසෙහි ඉටු කළ යුතුව ඇති වැඩ පරිමාව සැලකිල්ලට ගෙන එය සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරකට (04) බෙදනු ලැබ ඇත.

ඒ අනුව, එකී සිවිල් වැඩ පැකේජ 04ට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC)නිර්දේශය පරිදි ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad