රණවිරු නිවාස හිමිකම් ප්‍රදානය ජනපති සුරතින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

රණවිරු නිවාස හිමිකම් ප්‍රදානය ජනපති සුරතින්

රණවිරු නිවාස හිමිකම් ප්‍රදානය ජනපති සුරතින්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය මගින් රුපියල් මිලියන 262.8ක් වැය කරමින් ඉදිකළ රණවිරු නිවාස 219ක හිමිකම් ප්‍රදානය 23දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
 
මෙම අවස්ථාවට සමඟාමීව රුපියල් මිලියන 11ක වියදමින් පාසල් දරුවන් 31845දෙනෙකු සඳහා පාසල් අභ්‍යාස පොත් පිරිනැමීම ද සිදු කෙරේ. පහ වසර ශිෂ්‍යයත්වය සමත් දරුවන් 130දෙනෙකු සඳහා සහ උසස් පෙළ සමත් දරුවන් 35දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද සිදු කෙරේ. 
 
මීට අමතර ව උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත් දරුවන් 65දෙනෙකු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීමට ද  නියමිතයි.
 
සිවිල් ආරක්ෂක බළකායේ සේවා වනිතා ඒකකය මගින් සිවිල් ආරක්ෂක භටයන්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවාස නොමැති අසරණ රණවිරු පවුල් සඳහා නිවාස 855ක් මේ වන විට ඉදිකොට ප්‍රදානය කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad