ට්‍රම්ප්ගේ දියණියට ප්ලේන් එකේදී බැණ වැදුණ හිලරි වාදියකු නිසා කලබලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

ට්‍රම්ප්ගේ දියණියට ප්ලේන් එකේදී බැණ වැදුණ හිලරි වාදියකු නිසා කලබලයක්


ට්‍රම්ප්ගේ දියණියට ප්ලේන් එකේදී බැණ වැදුණ
හිලරි වාදියකු නිසා කලබලයක්


ඇමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමල් දියණිය ඉවන්කා ගුවන් යානයකින් ගමන් ගන්නට සූදානම්ව සිටියදී ඇය අසළ වාඩිවී සිටි මගියෙකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීම නිසා කලබලයක් හටගෙන තිබේ.

නිව්යොර්ක් නුවර සිට හවායි දූපත් වෙත
වසරාවසාන නිවාඩුව සමරන්නට ඉවන්කා සිය

සැමියා හා දරු තිදෙනා සමග ගමන්ගන්නට උත්සාහගෙන තිබෙන්නේ ඇමරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවාවන් සිදු කරන ජෙට් බ්ලූ සමාගමේ යානයක සාමාන්‍ය පන්තියේ ටිකට් පත් රැගෙනය.

ජනාධිපති දියණිය ඉවන්කා අසළ මගියා ඇය දැක පුදුමයට පත්ව මුලින් කථා කර තිබේ.

‘ආ ඔයා ඇමරිකාවේ ජනාධිපතිගෙ දුව නේද..මොකටද සාමාන්‍ය පන්තියේ ගමන් කරන්නේ.. ‘යයි අසමින් සුහදව කථාව ඇරඹූ ඔහු පසුව ට්‍රම්ප්ව දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ඇයට බැණවැදී ඇත. ‘ඩොනල්ඩ් ට්‍රම්ප් ආවම අමෙරිකාව විනාශ වේවි. ඔය ගොල්ලො අපට රටක් ඉතුරු කරන එකක් නෑ..රුසියාව හොර ඡන්දත් අරන් දුන්නා නේද..‘ ආදී ලෙස දිගින් දිගටම කෑගසමින් බැණවැදී ඇත.

එම අවස්ථාවේ ගුවන් යානා කාර්ය මණ්ඩලය එම පුද්ගලයාගේ ස්ථානය වෙනස් කර ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. බැණ වැදුණ පුද්ගලයා තවත් දරුවෙකු සමග සිටි බවත් ඔහු දැඩි හිලරිවාදියෙකු බවත් හඳුනාගෙන තිබේ.

සිද්ධියෙන් පසුව සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර ගමනාන්තයේදී මාධ්‍ය මගහැර යන්නටද එම පුද්ගලයා කටයුතු කර තිබේ. සිද්ධියෙන් පසුව ඉවන්කා සිය පවුල සමග පුද්ගලික ජෙට් යානයකින් ගමන් කර ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad