අනුන්ට වැරදි පටවන බොහෝ අය තමන්ගේ වැරදි දකින්නෑ කියල ජේසුතුමාත් කිව්වා - මහින්ද රාජපක්ෂ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

අනුන්ට වැරදි පටවන බොහෝ අය තමන්ගේ වැරදි දකින්නෑ කියල ජේසුතුමාත් කිව්වා - මහින්ද රාජපක්ෂ


මෙවර නත්තල වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ කියා සිටී.

ශ්‍රී ලංකාවේ සියළුම ක්‍රිස්තියානි ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය සලකණු කරන මේ අවස්ථාවේදී, නත්තල් සාරධර්ම අපේ සිහියට නැගේ.  නිහතමානීකම, තම අසල්වාසියා සමඟ සමඟිය, වරදවා තේරුම් ගැනීම් හා එදිරිවාදීකම් සමථයකට පත්වීම, පවුලේ එකමුතුකම මේ උතුම් දිනයේ අරුත සනිටුහන් කරයි. 

සියළුම කිතුණු පල්ලි, මේ දිනයේ උත්සවකාරී ස්වරූපයට වඩා ආගමික වතාවත් හා දේව භාෂිතය මෙනෙහි කිරීමට වැඩි අවධානය යොමු විය යුතු යැයි කියා තිබෙන අතර, අප සියළු දෙනාම ඒ උපදෙසට ගරු කල යුතුය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මුලු මානව වර්ගයාටම වලංගු පණිවිඩයක් තිබුණි. බොහෝ මනුෂ්‍යයන්, තමන්ගේ වැරදි නොදකින අතර, අනුන්ගේ වැරදි පමණක් දකී. ජේසුස් වහන්සේ කන්ද උඩ දේශනයේ අපට කියා දුන් ප්‍රධානම ඔවදනක් වන්නේ අනුන් විනිශ්චය කිරීමට තමන් පාවිච්චි කරන මිණුම් දණ්ඩ තමන්ටද ආදේශ වෙන බවය. 

තමන්ගේ ඇසේ තිබෙන ලී කොටය දකින්නේ නැති අය අනුන්ගේ ඇසේ තිබෙන තිත දකින බවද උන්වහන්සේ අපට කියා සිටියේය. අද උද්දච්ච කමෙනුත්, තමන් පමණක් නිවැරදිය යන මතයෙනුත් අන්ධ වී සිටින මනුෂ්‍යන්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවුඩය විශේෂයෙන්ම වලංගු වේ.

කිතුණු ධර්මයේ මේ පූජනීය දිනය සමරණ සියළුම ලක්වාසී කිතුණු බැතිමතුන්ට මගේ උණුසුම් සුභාසිංශන පිරිනැමීමට මම කැමැත්තෙමි.  

ඔබ සැමට සුභ නත්තලක් වේවා!

No comments:

Post a Comment

Post Bottom Ad