පොලිස් නිලධාරීන් දෙදෙනකුට මැදිවූ රාජගිරීයේ සුරූපී දෙදරු මවට පිහි පහර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

පොලිස් නිලධාරීන් දෙදෙනකුට මැදිවූ රාජගිරීයේ සුරූපී දෙදරු මවට පිහි පහර


පොලිස් නිලධාරීන් දෙදෙනකුට මැදිවූ 
රාජගිරීයේ සුරූපී දෙදරු මවට පිහි පහර


මුදල් හදල් යහමින් ඇති රාජගිරිය ප්‍රදේශයේ රූමත් ධනවත් කාන්තාවක සමග වරින්වර අනියම් සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගැන හුටපටයක් පසුගියදා වාර්තාවුණා.

හෝමාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු එම සම්බන්ධය බිඳීයාමෙන් පසු තමන් ලබාදුන් තෑගි බෝග නැවත ඉල්ලන්නට ගොස් පිහි ඇනුමක් සිදුකරන්නට යාමෙන් වැඩ තහනමට ලක්ව ඇත. එසේම ඇය සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව කියන තවත් කොස්තාපල් වරයෙකු ගැන විනය පරීක්ෂණයක්ද අරඹා ඇත.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

මෙම පටලැවිල්ලට  මුහුණපෑ පළමු උප පොලිස් පරීක්ෂකවරයා හෝමාගම ප්‍රදේශයේ රාජකාරී අරඹන්නට පෙර වැලිකඩ රාජගිරියේ පිහිටි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ සේවය කර තිබේ. ඒ කාලයේ රාජකාරී කරන අතරවාරයේ වයස 40 ක්වන මෙකී දෙදරු මව කිසියම් හේතුවක් නිසා පොලිසියට පැමිණි අවස්ථාවක ඇය සමග ඔහු මිතුරුවී තිබෙයි. ඔහු පසුව ඇය සිටින නිවසට යන්නට එන්නට ගොස් ඇත. 

එම නිවසේ ඇය දරු දෙදෙන සමග වාසය කර තිබෙන අතර සැමියා ඇයව අතැර ගොසිනි. පොලිස් නිලධාරියා ඇයට වඩා අවුරුදු 6 කින් ළාබාල 34 වියේ පසුවූ අවිවාහකයෙකු වන අතර ඔහු මුලදී ඇයව යාළු කරගන්නට ආසාවෙන් වරින් වර තෑගි බෝගද නිවසට රැගෙන ගොස් තිබේ. ඒවා අතර රත්තරන් මාල, ඔරලෝසු, මොබයිල් ෆෝන් ආදියද තිබී ඇත..

ටික කාලයකින් ඔවුන් නිවසේදී නිතර හමුවන දරුවන් නැති වෙලාවේ අඹුසැමි ඇසුර පවත්වන දෙදෙනෙකු බවට පත්ව ඇත. කෙසේ වෙතත් වැලිකඩ පොලිසියෙන් හෝමාගමට මෙම නිලධාරියාට මාරුවක් ලැබීමෙන් පසුව ඔවුන්ට පෙර මෙන් නිතර හමුවන්නට රාජකාරිය බාධාවක්ව තිබේ. මේ අතරවාරයේ මෙකී කාන්තාව තවත් පොලිස් කොස්තාපල් වරයෙකු සමග අනියම් ඇසුරක් අරඹා තිබේ. 

ඒ බව මුල් නිලධාරියා දැන සිටි නැති අතර ඔහුව දිගින් දිගටම මගහරින විට ඇයගෙන් විමසීමේදී පවසා ඇත්තේ ‘අපි දැන් මෙහෙම හිටියා ඇත. මේක නවත්තන්න ඕනෙ...‘ ලෙසිනි.

මේ තීරණයට උප පොලිස් පරීක්ෂක නිලධාරියා කැමතිවී නැත. නමුත් ඇගේ තීරණය එලෙසම පැවතීම නිසා ඔහුට කේන්ති ගොස් තිබේ. ඔහු පවසා ඇත්තේ මං දුන්න වටින දේවල් එහෙනම් මට රිටර්න් කරන්න ලෙසිනි. කාන්තාව එය ගණනකට ගෙන නැත. ඇය පවසා ඇත්තේ ඒව අපේ සම්බන්ධෙට හිළව් වෙන්න ඕන නේද යනුවෙනි.

මේ පටලැවිල්ල අතරේ පසුගිය දිනෙක සවස් කාලයේ ඇය දරුවන් සමග පිහිනුම් පුහුණුවකට ගොස් නැවත නිවසට එන වේලාවක් බලා සිටි මෙම නිලධාරියා ඇය මෝටර් රථයෙන් නිවසට එත්ම වාහනය අසළට ගොස් ඇයව ඉවතට දරුවන් ඉදිරිපිටදීම ඇද කොණ්ඩෙන් ඇද මගේ තෑගි දීපන් යයි තර්ජනය කර ඇත.

එම අවස්ථාවේ හරි ටිකකින් එන්න මං ලෑස්ති කර තියන්නම් යයි දන්වා කෙසේ හෝ ඔහුගෙන් මිදී දොර වසාගත් කාන්තාව එදින රාත්‍රියේ ඔහු යළි පැමිණිය හැකි බැවින් තමාගේ අලුත් ඇසුර පවත්වන පොලිස් කොස්තාපල් වරයාට කතාකර නිවසට ගෙන්වාගෙන තිබේ. ඔහු තවත් මිතුරෙකු සමග නිවසට ඇවිත් නතරවූ බවද වාර්තාවන අතර රාත්‍රී කාලයේ සිතූ ලෙසින්ම පෙරකී නිලධාරියා ඇගේ නිවසට පැමිණ ඇයගෙන් වටිනා දේ ඉල්ලන්ට සූදානම්ව තිබේ. 

එම අවස්ථාවේ ඔහු අතේ උල් පිහියක්ද තිබී ඇති අතර ඔහු එයින් කාන්තාවට පහරදෙන්නට උත්සාහ කළ අවස්ථාවේ ඇගේ ඇඟිල්ලක කොටසක්ද කැපී ඇත.එම වෙලාවේ නිවසේ සැඟවී සිටි අනෙක් නිලධාරියා මිතුරා සමග එක්ව ඔහුව වළක්වා අල්ලාගෙන තිබේ.

පොලිසියේ අනියම් හුටපටය අනතුරුව පොලිසියටම යොමු කර විසඳාගන්නට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹිමත් සමග මෙම නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad