හම්බන්තොට මාගම්පුර වරායේ විදේශ නැව් දෙකක් ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීම මැද ඇමරිකානු නාවික හමුදාවේ අධි තාක්‍ෂණික විද්යුත් උපාංග සහ සෙන්සර උපාංගවලින් යුත් පොසිඩන් නමැති ඔත්තු බැලීමේ යානාව මත්තල ගුවන්තොටුපළට පැමිණීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග අභ්‍යාසවල යෙදීමට බව දක්‌වමින් කටුනායක ගුවන් තොටුපළට පැමිණි එම ඔත්තු සේවා යානාව එකවරම මත්තල ගුවන් තොටුපළට ගොඩ බා පසුව පිටත්ව ගොස් තිබේ. ආරක්‍ෂක ආරංචි මාර්ග දක්‌වන්නේ මත්තල ගුවන්තොටුපළේ කිසිදු හමුදා අභ්‍යාසයක් නොතිබූ බවයි.
ඉන්දීය සාගරයේ නෞකා මාර්ග මෙන්ම මුහුදු කොල්ලකරුවන් හා චීන නැව් ගැන විමර්ශනයේ යෙදීමට මෙම ඔත්තු බැලීමේ යානා යොදවා ඇත. මත්තල ගුවන්තොටුපළට මෙයට පෙර ඇමරිකානු කිසිදු ඔත්තුබැලීමේ යානාවක් පැමිණ නැත.
මෙකී ඇමරිකානු යානාවට මත්තලට ගොඩබැසීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර දී තිබිණි. එහෙත් එම යානාව මෙරටට පැමිණීම හා එය මත්තල ගොඩබෑම සම්බන්ධව තොරතුරු වසන් වී ඇත.
මේ පිළිබඳව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ මාගම්පුර වරායේ නැව් දෙකක් ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීමක් පවතින අවස්‌ථාවේ ඔත්තු බැලීමේ ඇමරිකානු යානාවක් මත්තලට පැමිණීම නීති විරෝධී බවයි.
– දිවයින
Sunday, December 18, 2016
ඔත්තු බලන ඇමරිකානු යානයක් මත්තලට රහසේ ගොඩබායි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment