ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අමුතුම බෝනස් බෙදිල්ල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අමුතුම බෝනස් බෙදිල්ල

ලංකාවේ ගුවන් සේවා කටයුතු නියාමනය කරන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධිකාරිය දිගින් දිගටම ලාභ ලබන ආයතනයක් වුවද එහි සේවකයිනට ඒවායේ ප්‍රතිලාභ ලබාදීම එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හිතා මතා මග හරිමින් සිටී. නමුත් ඔහුගේ හිතවතුනට පමණක් අනියම් අයුරින් විවිධ ප්‍රතිලාභ ලබාදෙමින් සිටින බවද වාර්තා වේ.

2013 වසරට සාපේක්ෂව 2015 වසරේ ගුවන් සේවා අධිකාරිය 67% ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබාඇති අතර එනම් වාර්ෂික ආදායම රුපියල් මිලියන 1,579ක් වන අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 871කි.

විශ්‍රාම වැටුපක් හෝ අහිමි රාජ්‍ය ආයතනයක් වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ 150ක් පමණ වන සේවකයින්ට වැටුප තියා ප්‍රසාද දීමනාව හෝ වැඩි කිරීමද බලහත්කාරයෙන් නතර කරගෙන සිටී.

ඔහු තම හිතවතුනට අමතර ආදායම් ලබාදී ඇත්තේ, තාක්ෂණික දීමනා ලෙස රු.40,000 සිට රු.500,000 දක්වා මුදලක් ලබාදෙමිනි. මේ වන විටත් තම සිතැඟි පරිදි තම හිතවත් සේවකයින් 10-15 දෙනකුට එම මුදල් ලබා දෙමින් සිටින අතර ඉන් බහුතරය කාන්තාවන්ය. අනෙකුත් සේවකයිනට සත පහක් හෝ වැටුප් වැඩිනොකොට අත්තනෝමතික ලෙස තමාගේ හෙංචයියන්ට වැටුප් වැඩිකොට ඇත්තේ අධිකාරිය තම පෞද්ගලික ආයතනයක් පරිද්දෙනි.

2016 වසරේ බෝනස් සම්බන්ධයෙන්ද මේ දක්වා කිසිදු සැලකිල්ලක් නොදක්වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකාරී සභාපතිවරයාගේ කිසිදු වචනකයට හෝ ඇහුම්කන් නොදෙන බවද එහි සේවකයෝ පවසති.


(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

No comments:

Post a Comment

Post Bottom Ad