තොරතුරු කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

තොරතුරු කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙක්

තොරතුරු කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙක්

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම සඳහා පත් කෙරුණු නව සාමාජිකයින් දෙදෙනෙකු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්හ.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති, විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් මහතා සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් මහත්මිය මෙලෙස කොමිසමේ නව සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

මේ අතර වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයසාද් ඩෙෆ් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad