සාමාන්‍ය බස්රථ 75% අර්ධ සුඛෝපභෝගී වෙයි – බස් ගාස්තුවත් එකහමාර ගුණයකින් වැඩිවෙයි – අවසර ලැබුණත් නැතත් ක්‍රියාත්මක කරන බස් ගැමුණුගේ යෝජනාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

සාමාන්‍ය බස්රථ 75% අර්ධ සුඛෝපභෝගී වෙයි – බස් ගාස්තුවත් එකහමාර ගුණයකින් වැඩිවෙයි – අවසර ලැබුණත් නැතත් ක්‍රියාත්මක කරන බස් ගැමුණුගේ යෝජනාව මෙන්න

අර්ධ සුඛෝපභෝගී බස්රථවලට සමාන පහසුකම් සහිත කෙටි ගමන් සේවා බස් රථවලිනුත්, අර්ධ සුඛෝපභෝගි මගී ගාස්තුව අය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම යෝජනාව අද (21දා) ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ සඳහා අවසර ලැබුණත් නැතත් මෙම ගාස්තු අය කිරීම සිදුකරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

ලංකාව තුළ අර්ධ සුඛෝපභෝගි සේවාව නමින් බස්රථ 500 ක් යොදවා තිබෙන බවත්, එම බස්රථ ගමන් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අයකරන බවද පවසා සිටියේය.

එහෙත් අර්ධ සුඛෝපභෝගි නමින් හඳුන්වන බස්රථයක තිබෙන පහසුකම් කෙටි ගමන් සේවාවල නිරත බස් රථවලින් 75% කට ආසන්න ප්‍රමාණයක පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad