යන්නේ බලාගෙනයි තවමත් පානදුර වෙරළේ – පෝට් සිටියට ගෙනා ‘බත්තල් මරුවා‘ ජීවිත දෙකකුත් බිලිගනී (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

යන්නේ බලාගෙනයි තවමත් පානදුර වෙරළේ – පෝට් සිටියට ගෙනා ‘බත්තල් මරුවා‘ ජීවිත දෙකකුත් බිලිගනී (PHOTOS)

පානදුර වෙරළ අයිනේ වසරක් පමණ සිට ඇති බත්තලක් දැනටම දෙදෙනකුට මරු කැඳවා ඇතැයි ද දෙදෙනකු මරණයෙන් බේරාගැනීමට හැකිවී යැයිද පානදුර පොලිසිය කියයි.

මුහුදු රල පැගීමට ආ දෙදෙනකුගේ හිස බත්තලේ හැපී මිය ගිය බව පොලිසිය පවසයි. ඊට හේතුව වශයෙන් දක්වනුයේ ඉහළට නගින රැල්ල බත්තලේ හැපී වේගය වැඩි වන අවස්ථාවක වැල්ලට යන අය වේගයෙන් බත්තල දෙසට ඇදී ගොස් එහි හැපෙන බවයි.

කොළඹ වරාය අසල මුහුද ගොඩ කර ඉදි කෙරෙන ‘පෝට් සිටි‘ වැඩබිමට ගෙන ආ බව කියන මෙම බත්තල උස අඩි 15කින් හා හා දිග අඩි 70කින් පමණ යුක්තය. මුහුදු රැල්ල එහි හැපී වේගය වැඩි වී ගොඩබිමට එන බවත් රැල්ල පැගීමට යන මහජනයාට එය මාරකයක් වී ඇති බවත් පොලිසිය පවසයි.

එම පෙදෙස අනතුරුදායක බව පොලිසිය අඟහරුවාදා(20) එහි දැන්වීම් සවි කළේය.



 

No comments:

Post a Comment

Post Bottom Ad