අර්ජුන්ගේ මාධ්‍ය ජාලයට පත්තර 6 යි ටීවී චැනල් 3 යි එෆ්එම් 3 යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

අර්ජුන්ගේ මාධ්‍ය ජාලයට පත්තර 6 යි ටීවී චැනල් 3 යි එෆ්එම් 3 යි


අර්ජුන්ගේ මාධ්‍ය ජාලයට 
පත්තර 6 යි ටීවී චැනල් 3 යි එෆ්එම් 3 යි

2017 වසරේ අරඹන බවට ආරංචි පළවන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ මාධ්‍ය ජාලය ලංකාවේ පුද්ගලික මාධ්‍ය ජාලා අතර පුළුල්ම වපසරයකට බලපෑම් කරන මාධ්‍ය ජාලයක් බවට පත්වනු ඇතැයි වාර්තා පළවෙනවා.
පුවත් පත් හයකින්, රූපවාහිනී නාලිකා තුනකින් සහ
ගුවන්විදුලි නාලිකා තුනකින්
සමන්විත බව කියන මෙම දැවැන්ත මාධ්‍ය ජාලයට භාෂා තුනෙන්ම සේවකයින් බඳවාගැනීම දැන් සිදුවන බවද වාර්තාවේ.

සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කර පසුගිය දින කිහිපයේම එහි සම්මුඛ පරීක්ෂණද අරඹා තිබුණ අතර මේ දක්වා ලංකාවේ කිසිදු මාධ්‍ය ආයතනයක සිදු නොකළ තරමේ ගෙවීම් වේතන ලෙස නම් කර මෙම මාධ්‍ය ජාලය අරඹන්නේ මහ බැංකු බැඳුම් කර චෝදනාවට ලක්ව අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා බව පැවසෙන අර්ජුන් ඇලෝසියස්ය.
මේ වන විට මව්බිම පුවත්පතට අදාළ සමාගමෙන් මාධ්‍යවේදීන් ඇතුලුව හතලිහකට ආසන්න පිරිසක් ඉවත්වී නව පුවත්පත් සඳහා එක්වී ඇති අතර තවත් විස්සකට ආසන්න පිරිසක් ජනවාරි පළමු වනදා එක්වීමට නියමිතව ඇත. එසේම එම මාධ්‍ය ජාලයේ සිංහල පුවත්පත පළමුවත් ඉංග්‍රීසි පුවත්පත දෙවනුවත් දමිළ පුවත්පත තෙවනුවත් ආරම්භ කිරීමට නියමිත බවද වාර්තාවේ.

මේ වන විට කඩා වැටෙමින් පවතින රිවිර, ලක්බිම පුවත්පත් වලින් විශාල පිරිස් එම පුවත්පත් වෙත ඇදී යන බවත් තවත් නවකයින් රැසක් විශාල වැටුප් ගෙවා බදවාගෙන ඇති බවත් වාර්තාවේ.
මෙහි රූපවාහිනී නාලිකා සඳහා සංඛ්‍යාත ලබාගැනීමේදී ස්වර්ණවාහිනිය සතු ඇතැම් සංඛ්‍යාත මිලට ගත්බවට සහ සියත එෆ් එම් ගුවන් විදුලි නාලිකාවට අදාළ සංඛ්‍යාත මිලට ගත් බවටද වාර්තා පළව තිබේ.
භාෂා ත්‍රිත්වයෙන් දිවයිනම ආවරණය වන පරිදි රඋපවාහිනී ගුවන්විදුලි හා පත්තර 12 ක් මේ ආකාරයට ලංකාවේ අරඹන්නේ මුල්වරටය.

No comments:

Post a Comment

Post Bottom Ad