ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ රුපියල් මිලියන 55 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේදී අද(05) පස්වරුවේදී සම්මත කර ගැනීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව වෙනුවෙන් අද (05) පස්වරුවේ විවාදය පැවැත්වුණු අතර, එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදාළ ඇස්තමේන්තුව සඳහා ඡන්දයක් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිටි මන්ත්‍රීවරුන් ගණන සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් ඇතිවිය.
අනතුරුව සභාවේ මුලසන දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන අදාළ ඡන්දයේ ප්‍රතිඵල නිකුත් කළේය. එහිදී පක්ෂව ඡන්ද 33 ක්ද, විපක්ෂව ඡන්ද 31 ක්ද හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් පරිපූරක ඇස්තමේන්තුව සම්මත වුණා.
කෙසේවෙතත් මෙම ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටිබවත් ඒ අනුව මෙය පරාජය වී ඇති බවත් විපක්ෂය චෝදනා කරයි.

No comments:
Post a Comment