රාජපක්ෂ ආණ්ඩුවේ පරාජය පිළිබඳව තමා සම්බන්ධ කරමින් උදය ගම්මන්පිල මහතා නගන විවිධ චෝදනා සම්බන්ධයෙන් උත්තර දිය හැකි හොඳම ක්‍රමය රූපවාහිනි නාලිකාවක දී විවෘත සංවාදයක් පැවැත්වීම සජින් ද වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
එම නිසා ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට පැමිණෙන ලෙස ගම්මන්පිල මහතාට තමා අභියෝග කරන බව ද ගුණවර්ධන මහතා පැවසුවේ ය. සජින් ද වාස් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ බලපිටියේ සිය පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.
තමන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවතින බවත්, ඒවාට තමන් සහය දෙන බවත් පැවසූ ඒ මහතා අධිකරණය ඉදිරියේ වරදකරු වුවහොත් දඬුවම් විඳීමට තමා සුදානම් බවද පැවසුවේ ය.
එතෙක් තමන්ට පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින්න ලෙසයි ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ.
වීඩියෝව පහතින්...

No comments:
Post a Comment