පසුගිය දින වල සුදු වෑන් මගින් පැහැර ගැනීම් 2 ක් වාර්තා වු අතර අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වගකීම දරණ තම්බිලිවිල් හිදී පැහැර ගන්නා ලද එයින් එක් අයකු දින කීපයකට පසු කොළඹ ත‍්‍රස්ත විමර්ශණ එ්කකයෙන් මතුවු බව ‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ විසින් අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත බාර දුන් සංදේශය මගින් පෙන්වා දී තිබේ.
මේ අතර වත්මන් පාලනය යටතේත් සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන යෑමට එරෙහිව අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මානව හිමිකම් සංවිධානයක් සිදුකළ නිහඬ විරෝධතාවයකට බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුලු පිරිසක් කඩා වැදී පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කර තිබේ.
‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ විසින් පුර්ව දැනුම් දීමකින් පසුව අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සංදේශයක් බාර දීමෙන් පසු අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතද සංදේශයක් භාර දීමට යමින් සිටියදී බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුලු පිරිසක් එම ස්ථානයට කඩා වැදී තමන් ඇතුලු පිරිසට බැණ තර්ජනය කළ අතර එය පහර දීමකට සුදානම් තත්වයක් දක්වා වර්ධනය වු බවයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ගගන හා කියා සිටියේ.
ජනතාව දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පිරිසට ‘මේක සිංහල ගමක් මෙහෙ ඕවා කරන්න බෑ . කරන දෙයක් කල්මුනෙන් එහාට ගිහිල්ලා කරගනිල්ලා, ‘ යනුවෙන් බැණ වැදුනු එම පිරිස ‘අසූචි කන’ ලෙස විරෝධතා කරුවන්ට පවසා තිබේ.
භික්ෂුන් වහන්සේ ඇතුලු කණ්ඩායම තමන් ඇතුලු පිරිසට බැණ වදින අවස්ථාවේ පොලිසිය විසින් ඔවුන් නතර කිරීමට උත්සාහ නොකර තමන් ඇතුලු පිරිසට නිහඬ වන ලෙස දැන්වු බවයි මානව හිමිකම් ක්‍රියාකාරී බ්‍රිෙටා් ප්‍රනාන්දු සදහන් කර ඇත්තේ.
සුදු වෑන් සංස්කෘතිය අවසන් කරන බවට පොරොන්දු වූ යහපාලන රජය යටතේ නැවත එම සංස්කෘතිය ආරම්භ වීම තැති ගන්වන කරුණක් වන අතර මෙය නැවත භීෂණය ආරම්භ වීමක් දැ සැක සිතෙන බවයි එම සංගමය පවසන්නේ.
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කිසි සේත් විරුද්ධ නොමැති නමුත් එය නීත්‍යනුකූලව සිදුවිය යුතු බව පෙන්වා දෙන ‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ නීතිය ප‍්‍රකාරව අදාළව අත් අඩංගුවට ගැනීම සම්බන්ධව කිසිදු රිසිටිපතක් නිකුත් කර නොමැති අතර එම පැහැරගත් තැනැත්තාගේ පවුලේ අයට කිසිදු දැනුමි දීමක් ද කර නොමැති බව පෙන්වා දේ.
අම්පාර දිස්ත‍්‍රික්කයේ සිදුවන මෙවැනි නීති විරෝධී පැහැර ගැනීම් සම්බන්ධව කණගාටුවට හා කෝපයට පත්ව සිටින බව පවසන එම මානව හිමිකම් සංවිධානය ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම බාර නිලධාරියා ලෙස එ් සම්බන්ධව වගකීමක් ඇතැයි අම්පාර නියෝජ්‍ය පොලිස් පතිවරයාට පෙන්වා දේ.
යහපාලන රජයේ සංහිදියාව ඇති කිරීමේ උත්සාහය කඩාකප්පල් කිරීමේ උවමනාවෙන් හෝ රජයේ දේශපාලන උවමනාවන් මත, මිනිසුන් බිය වැද්දීමට හෝ නැවත මෙම සුදු වෑන් සංස්කෘතිය මින් ඉදිරියට ඇදීයාමට කිසිසේත් ඉඩදිය නොහැකි බව ‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ අවධාරණය කර සිටී.
එබැවින් ‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම සිදුවීම ඔහුගේ අනුදැනුමකින් තොරව සිදුවුවා නම් එය සනාථ කරන ලෙසත්, නීති විරෝධී පැහැර ගැනීම පිළිබදව සොයාබලා එම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව නිත්‍යානුකූල පියවර ගන්නා ලෙසත්, මින් ඉදිරියට මෙවැනි නීති විරෝධී පැහැර ගැනීම් වැලැක්වීමට ක‍්‍රියා කරන ලෙසත්ය.
එමෙන්ම සිය ලිපිය ලිඛිත පැමිණිල් ලක් ලෙස සලකා ඒ පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරයා ගන්නා පියවරයන් ගැන තමා දැනුවත් කිරීමට ක‍්‍රියා කරන ලෙසත් ‘අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව’ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි.
නව පොලිස්පතිවරයා ධුරයට පත්වී සතියක් ගතවීමටත් පෙර දින තුනක් ඇතුලතදී විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන ගොස් තිබුණි.එයින් දෙදෙනකු නැගෙනහිරදී පැහැරගෙන ගොස් තිබු අතර එක් අයකු උතුරේදී අත් අඩංගුවට ගෙන තිබුණි.
උපුටා ගැනීම : Lankanewsweb.today
Friday, May 6, 2016
Home
අනාවරණ
සුදු වෑන් මගින් පැහැර ගැනීම් 2 ක් -හිරුණිකර්ගේ ඩිෆේන්ධර් වෙනුවට,පුජිතගේ යහපාලන සුදු වැන්(Video)
සුදු වෑන් මගින් පැහැර ගැනීම් 2 ක් -හිරුණිකර්ගේ ඩිෆේන්ධර් වෙනුවට,පුජිතගේ යහපාලන සුදු වැන්(Video)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment