පසුගිය දින 90ක කාලය තුල එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකරකම් සීඝ්‍රයෙන් වර්ධණය වි ඇති බව හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් හරහා අවධාරණයට කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
මීට දින 10කට පෙර පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්විමේදි මේ සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර උතුරේ සහ නැගෙනහිර සිද්ධින් මාලාවක් සම්බන්ධයෙන් මෙම වාර්තාව හරහා අවධාරණය කර තිබේ. යුද්ධය අවසන් විමෙන් පසුව මර්දණය කර තිබු කොටි ත්‍රස්තවාදීන් 71 එකේ කැරැල්ලෙන් පසුව 1988 දක්වා කාලය තුල sසංවිධානය වු අකාරයට කුඩා කණ්ඩායම් වශයෙන් සංවිධානය වි ඇති බවත් ඔහුන් ඒ සදහා තාක්ෂණය උපරිමයෙන්ම භාවිතා කරන බවත් එම සංවිධානය විම් පසුපස ඉන්දිය රෝ සංවිධානය උපරිමයෙන් සහය දක්වන බවද බුද්ධි අංශ පෙන්වා දි තිබේ.
මේ අතර පසුගිය දින කිහිපය තුල බුද්ධි අංශ විසින් කරන නිරිකනිරික්ෂණයන් අනුව බයානකම තත්ත්වය ලෙස ආරක්ෂක මණ්ඩලයේ අවධානම යොමුකර ඇත්තේ යම් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි කොටි නායකයන් දෙදෙනෙකු බුද්ධි අංශ අනාවරණය කර ගැනිමත් සමග ඉන්දියාවෙ මැදිහත් විම මත ඉන්දියාවට පැන යැමත් ඔහු සහ සිරියාවේ සිට කුවේට් හරහා ලංකාවට පැමිණි ISIS සමග සම්බන්ධකම් පැවැත්වු අයෙකු සමග යාපනයේදි සාකච්ඡාවක නිරත වි ඇති බවද අනාවරණය කර තිබේ.
මාර්තු මස අග බාගයේදී චාවකච්චේරියේදී අත් අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය හා මරාගෙන මැරෙන ඇදුම් කටටල හා සම්බන්ද පුද්ගලයින් කීහිපදෙනෙකු ඉන්දියාවට පලා ගොස් ඇති බව විමර්ශනයකදී අනාවරණය වී ඇති බවත් අප්‍රෙල් 27දින මන්නාරමේදි අත් අඩංගුවට පත් එස්. සිවාකරන් නැමැත්තා මෙම සැකකරුවන්නට මෙරටින් පලා යන්නට උපකාර කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රාකාශක රුවන් ගුණසෙකර the island පුවත් පතට ප්‍රකාශයක් දෙමින් අනාවරණය කර තිබේන බව අප පසුගියදා වාර්තා කළා.
ආරක්ෂක මණ්ඩලය හමුවේ කරන ලද අනාවරණයන් වලින් පසුව කොටි ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගැනිමට මෙන්ම ඔහුන් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමේ කටයුතු කරගෙන යැමට හමුදා ප්‍රධානින්ට ජනාධිපතිවරයා උපදෙස්ද ලබාදි තිබේ. ඒ අනුව නව පොලිස්පතිවරයා ධුරයට පත්වී සතියක් ගතවීමටත් පෙර දින තුනක් ඇතුලතදී විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන ගොස් තිබුණි.එයින් දෙදෙනකු නැගෙනහිරදී පැහැරගෙන ගොස් තිබු අතර එක් අයකු උතුරේදී අත් අඩංගුවට ගෙන තිබුණි.
අයි. එස්. අයි. එස්. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්‍රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කල අතර එය පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කිරිමක් දක්වා ද ගමන් කළා.
අයි. එස්. අයි. එස්. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ අනාවරණය කල බවත් අයි. එස්. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වී තිබෙන බවද බුද්ධි අංශ පෙන්වාදුන් බවට මාධ්‍ය වාර්තා පලවුවද දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් කල අනාවරණය ජනාධිපතිවරයාගේ නියෝග මත නතර වි තිබේ.
උපුටා ගැනීම : Lankanewsweb.today
Friday, May 6, 2016
ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment