යහපාලනය ගෙනා අය දැන් කියන කතාව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

යහපාලනය ගෙනා අය දැන් කියන කතාව (VIDEO)

මීට කාලයකට පෙර මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස අපේක්ෂකත්වය ලබා දීම හා සසඳා බැලූ කල අලුත් පරපුරෙහි කලාකරුවන්ට පහර දුන් කමල් ඉන්දික නමැත්තාට ආසන සංවිධායක තනතුරක් ලබා දීම එතරම් පුදුමයට කරුණක් නොවන බව පුරවැසි බලය සංවිධානය පවසයි.

පුරවැසි බලය විසින් පසුගිය දා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි මහතා මේ බව පැවසී ය. තමන් විසින් පත් කරගත් වර්ථමාන රජය සෑම විටම විරුද්ධාභාෂය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ජනවාරි 8 වැනිදා සිදු වූ දේශපාලන පෙරලිය ක්‍රියාත්මක කරගැනීම සඳහා එදවස දී කමල් ඉන්දික වැන්නවුන් විරුද්ධ වෙද්දී ලක්ෂ්මන් විජේසේකර ප්‍රමුඛ කලාකරුවන් ඊට උදව් දුන් බවත්, අද වන විට වත්මන් පාලනයට එම කලාකරුවන්ගෙන් වැඩක් නැතිව ගොස් මෙම පාලනය ඉදිරියට ගෙන යාමට එදා පෙරළියට විරුද්ධ වූ මැරයන් අවශ්‍ය වී ඇති බවත් ජයසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම දේශපාලන පෙරළිය සඳහා විශාල ව්‍යාපාරයක යෙදුණු තමන්ගෙන් "දැන් මේක ද ඔයගොල්ලෝ කළේ?" යනුවෙන් ජනතාව ප්‍රශ්ණ කරන බවත් එයට තමන් දෙන්නේ එක පිළිතුරක් පමණක් බවත් ඔහු කියා සිටියේ ය.

"අපිට ඕනෙ වුණේ මහින්ද රාජපක්ෂ එලවගන්න. මහින්ද රාජපක්ෂ එලවගත්තා. දැන් ඉතින් මොන මගුල වුණත් කරගන්න දෙයක් නෑ" යන්න එම පිළිතුර බව යි ඩබ්ලිව්.ජයසිරි මහතා පැවසූවේ.

වීඩියෝව පහතින්....

 

No comments:

Post a Comment

Post Bottom Ad